වැස්ස, දකුණේ උණ රෝගයටත් බලපෑම් කරයි

Tuesday, 22 May 2018 - 8:22

%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%83%2C+%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%9A+%E0%B6%8B%E0%B6%AB+%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B7%91%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
පවතින වර්ෂාවත් සමඟ දකුණු පළාතේ වෛරස් උණ රෝගය තවදුරටත් පැතිරයාමේ අවදානමක් පවතින බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.

කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය විසින් ඊයේ (21)  දිනයේදී කඹුරුපිටිය, මාතර සහ කරාපිටිය යන ප්‍රදේශවල ස්ථානීය පරීක්ෂා සිදුකර ඇති අතර, උණ රෝගය සම්බන්ධයෙන් ඉදිරියේදී සම්පූර්ණ වාර්තාවක් ද ලබාදීමට නියමිතයි.

කරාපිටිය, මාතර, ඇල්පිටිය, කඹුරුපිටිය, තංගල්ල සහ වලස්මුල්ල යන මූලික රෝහල්වල මේ වනවිට රෝගීන් 600 කට අධික සංඛ්‍යාවක් ප්‍රතිකාර ලබන බවයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සඳහන් කළේ.

මේ අතර, වෛරස් උණ රෝගයත් සමඟ අද (22) සිට ලබන 27 වනදා දක්වා දකුණු පළාතේ සියලුම පෙර පාසල් වසා තැබීමටයි පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය උපදෙස් ලබාදුන්නේ.

මීට අමතරව ගාල්ල, මාතර, අකුරැස්ස, මුලටියන, තංගල්ල සහ වලස්මුල්ල යන අධ්‍යාපන කලාපවලට අයත් ප්‍රාථමික පාසල් අද සහ හෙට යන දෙදින තුළ වසා තැබීමට ද පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය උපදෙස් ලබාදී තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories