උපකාරක පන්ති එන්න, සිසුන්ට බලපෑම් කළ ගුරුවරු 31 දෙනෙකුට වැඩ වරදී

Wednesday, 23 May 2018 - 9:57

%E0%B6%8B%E0%B6%B4%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%92+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%2C+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B7%91%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%94+31+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B7%80%E0%B6%BB%E0%B6%AF%E0%B7%93
තමන් විසින් ක්‍රියාත්මක කරන උපකාරක පන්තිවලට පැමිණෙන්නැයි බල කරමින් සිසුන්ට සහ දෙමව්පියන්ට විවිධ බලපෑම් සිදුකරන පාසල් ගුරුවරුන් 31 දෙනෙකු පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණිලි ලැබී තිබෙනවා.

දිවයිනේ විවිධ පළාත්වලින් මේ පිළිබඳව පැමිණිලි ලැබී ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ.

අදාළ පැමිණිලිවලින් එම උපකාරක පන්තිවලට සහභාගි නොවන සිසුන්ට එම ගුරුවරුන් විසින් පාසලේදී නොයෙක් ආකාරයේ හිරිහැර සිදුකරන බවද දක්වා තිබෙනවා.

ඇඹිලිපිටිය, හොරණ, කළුතර, හම්බන්තොට, මාතර, කැකිරාව, රත්නපුර සහ කිලිනොච්චිය යන කලාපවල පළාත් සේවයේ නියුතු ගුරුවරුන් 25 දෙනෙකු සහ ජාතික පාසල්වල ගුරුවරුන් 06 දෙනෙකු සම්බන්ධයෙන් මෙලෙස පැමිණිලි ලැබී ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.

ඒ පිළිබඳව විමසීම් සිදුකර, අවශ්‍ය විනය කටයුතු සිදුකරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අමාත්‍යාංශ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

එමෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයේ ස්ථාපිත කර ඇති 19 88 ක්‍ෂණික දුරකථන අංකය හරහා මෙවැනි සිදුවීම් සම්බන්ධව දෙමව්පියන්ට තවදුරටත් තොරතුරු ලබාදීමටද අවස්ථාව සළසා ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ.


 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories