update : නිට්ටඹුවේ වෙඩි තැබීමකින් මව මියගොස් පුතුට තුවාල

Thursday, 24 May 2018 - 14:31

update+%3A+%E0%B6%B1%E0%B7%92%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B6%B9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%80+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%9C%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD
නිට්ටඹුව - හක්වඩුන්න ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් යතුරුපැදියක ගමන් කරමින් සිටි මවක් මියගොස් ඇයගේ පුතු තුවාල ලබා තිබෙනවා.

මුහුණු ආවරණය කර තවත් යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලීසිය සදහන් කළේ.

අද දහවල් 12.55 ට පමණ මෙම වෙඩි තැබීම සිදුව තිබෙනවා.

තුවාල ලැබූ මව සහ පුතු වතුපිටිවල රෝහලට ඇතුළත් කළ අතර, පසුව මව මියගිය බව රෝහල් ප්‍රකාශකයෙකු සදහන් කළා.

මියගොස් ඇත්තේ කල්එළිය ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි කාන්තාවක්.

ඇයගේ පුත්‍රයා වන 26 හැවිරිදි තරුණයා වතුපිටිවල රෝහලේ ප්‍රතිකාර ලබනවා.

වෙඩි වැදීමෙන් මියගිය කාන්තාව පෞද්ගලික මූල්‍ය ආයතනයක ණය දීමේ  සමිතියකට සහභාගි වී නැවත පැමිණෙමින් සිටියදී වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි පොලීසිය සදහන් කළේ.

සැකකරුවන් ඇගෙන් මුදල් ඉල්ලා ඇති අතර, එය ප්‍රතික්ෂේප වීමෙන් පසු ජංගම දුරකථනය ඉල්ලා තිබෙනවා.

පසුව කාන්තාව කෑගසා ඇති අතර, එම අවස්ථාවේදී සැකකරුවන් මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකර ඇති බවයි මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.

ඔවුන් මෙතෙක් හදුනාගෙන නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බව නිට්ටඹුව පොලීසිය කියා සිටියා.

සැකකරුවන් මෙතෙක් අනාවරණ වී නොමැති අතර නිට්ටඹුව පොලිසියයි විමර්ශණ මෙහෙයවන්නේ.

update : Thursday, 24 May 2018 - 14.58
-----------------------------------------------------------

නිට්ටඹුව ප්‍රදේශයේදී අද (24) දහවල්  සිදුවූ වෙඩි තැබීමකින් යතුරුපැදියකින් යමින් සිටි කාන්තාවකට සහ ඇයගේ පුත්‍රයා තුවාල ලබා තිබෙනවා.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ මවගේ තත්වය බරපතළ බවයි පොලිසිය ප්‍රකාශ කළේ.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories