කොළඹ - පුත්තලම මාර්ගයේ ගමනාගමන කටයුතු සීමා කෙරේ

Friday, 25 May 2018 - 17:07

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+-+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B6%B8+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
පවතින අයහපත් කාලගුණයෙන් පුත්තලම දිස්ත්‍රික්කයට මේ වන විටත් දැඩි බලපෑම් එල්ල වෙමින් පවතිනවා.

අප වාර්තාකරුවන් සඳහන් කළේ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ඊයේ රාත්‍රියේ සිට දැඩි වර්ෂාපතනයක් ඇද හැලෙන බවයි.

පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට මේ වන විටත් තද වැසි පවතිනවා.

අප වාර්තාකරු සඳහන් කළේ වර්ෂාවත් සමඟ පුත්තලම නගරයේ මාර්ග රැසක් මෙන්ම පාසල් කිහිපයක්ද ජලයෙන් යටව ඇති බවයි.

එමෙන්ම පුරාවිද්‍යා හා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පුත්තලම කාර්යාල හා නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයද ජලයෙන් යටව තිබෙනවා.

මෙලෙස පුත්තලම නගරය ජලයෙන් යටව ඇත්තේ වැසි ජලය පුත්තලම කලපුව දක්වා ගලායාමට පවතින ඇළ සහ කානු පද්ධතිය අවහිර කරමින් ඉදිකර ඇති අනවසර ඉදිකිරිම් හේතුවෙන්.

අයහපත් කාලගුණය හේතුවෙන් කොළඹ - පුත්තලම මාර්ගය බත්ඔලූ ඔය ප්‍රදේශයෙන් ජලයෙන් යටවීම නිසා ඒ අවට රථ වාහන ගමනාගමනය සීමා කර තිබෙනවා.

මේ අතර කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකටද ඊයේ රාත්‍රියේ සිට කඩින් කඩ තද වැසි ඇතිවෙමින් පවතිනවා.

පඬුවස්නුවර, පෙනිලිකඩවර වැව පිරීයාමත් සමඟ වැව් බැම්මට හානි සිදුවීම වළක්වාලීම සඳහා ප්‍රදේශවාසීන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේද මැදිහත්වීමෙන් වැව් බැම්ම තාවකාලිකව කපා වැවෙහි ජලය පිටකිරීමට කටයුතු කළා.

මේ අතර කළුබුලු ඔය පිටාර ගැලීමත් සමඟ ඒ ආසන්නයෙන් වූ මාර්ගයක යතුරු පැදියකන් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු සැඩපහරට හසුව ගසාගෙන ගොස් ඇති බව ප්‍රදේශවාසීන් සඳහන් කළා.

ඔහු පිළිබඳ මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නැහැ.

මේ අතර හලාවතල මාදම්පේ ගල්මුරුව ප්‍රදේශයේදී ගංවතුරට හසුව සිටි පිරිසක් බේරාගැනකීමට ගිය මාදම්පේ පොලිසියේ කොස්තාපල්වරයෙකු සැඩ පහරකට හසුව ගසාගෙන ගොස් තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ සැඩපහරට හසු වූ පොලිස් නිලධාරියා සොයා මේ වන විට නාවික හමුදාව මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories