මෙකුණු සුළි සුළඟින් අරාබි ගල්ෆ් ප්‍රදේශයට හානි

Saturday, 26 May 2018 - 10:01

%E0%B6%B8%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B7%92+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B6%9F%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BB%E0%B7%8F%E0%B6%B6%E0%B7%92+%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E0%B7%86%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B6%A7+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92
අරාබි ගල්ෆ් ප්‍රදේශයට හමා ආ මෙකුණු සුළි සුළඟ හේතුවෙන් මේ වන විට ඕමානයේ තුන්වන විශාලතම නගරය වන සලාලා හි ජල ගැල්මක් ඇති වී තිබෙනවා.

12 හැවිරිදි දැරියක් ද සුළි සුළඟින් ගසාගෙන ගොස් තාප්පයක ගැටී ජීවිතක්ෂයට පත්වුණා.

වෙරළ ප්‍රදේශවල උස් රළ දක්නට ලැබෙන අතර, වෙරළාසන්න ප්‍රදේශවලින් ජනයා ඉවත් කර ගැනීමට ද පියවර ගෙන තිබෙනවා.

සුළි සුළඟත් සමඟ මිලිමීටර් 800ක පමණ වර්ෂාපතනයක් අපේක්ෂා කරන බවයි  ඕමාන කාලගුණ විද්‍යා අංශ ඊයේ ප්‍රකාශ කළේ.

මෙකුණු සුළි සුළඟ  ඕමානයට හමා ඒමට පෙර යේමනයේ දකුණුදිග ප්‍රදේශයට බලපෑ අතර, එහි පුද්ගලයන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී 40 දෙනෙකු අතුරුදන් වී තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories