වැසි අඩුවුවත් නායයෑම් ගැන අවධානයෙන් සිටින්නැයි උපදෙස්

Sunday, 27 May 2018 - 12:49

%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92+%E0%B6%85%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%BA%E0%B7%91%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B7%80%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A
ඉදිරි දින කිහිපයේදි පවතින වර්ෂාපතනයේ අඩුවක් අපේක්ෂා කළද දිවයිනේ නිරිත දිග කොටසට තරමක තද වැසි බලපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

සබරගමුව, බස්නාහිර පලාත්වලට සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලට අද පස්වරුවේ වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අතුල කරුණානයක සදහන් කළේ.

දිස්ත්‍රික්ක 20 කට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් එක්ලක්ෂ පනස් තුන්දහස් හත්සිය දොළොස්දෙනෙකු මේ වන විට පීඩාවට පත්ව සිටිනවා. ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ මේ වනවිට පුද්ගලයින් 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව  ඇති අතර, පවුල් 14,337 කට අයත් පුද්ගලයින් 55,553 දෙනෙකු තවදුරටත් ආරක්ෂිත ස්ථාන 265 ක රඳවා ඇති බවයි.

කළුතර, ගාල්ල, රත්නපුර, කෑගල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා නිකුත් කළ නායයෑම් රතු නිවේදනය තවදුරටත් වලංගු බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළා.

එහි සහකාර අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි ප්‍රකාශ කළේ එම දිස්ත්‍රික්කවල සිටින ජනතාව ඒ පිලිබඳ විශේෂ අවධානයකින් පසුවිය යුතු බවයි.

මේ අතර පසුගිය දිනවල ඇද හැලූුනු අධික වර්ෂාව හේතුවෙන් කාසල්රී ජලාශය පිටාර මට්ටමට ආසන්න වී ඇති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ ජල විදුලි නිෂ්පාදනයට යොදාගන්නා ප්‍රධාන ජලාශවල ජල මට්ටම් මේ වනවිට සියයට 80 දක්වා ඉහළ ගොස් ඇති බවයි.  

මේ අතර අයහපත් කාලගුණයත් සමඟ හලාවත - මාදම්පේ - ගල්මුරුව - දකුණ - ගල්වල ප්‍රදේශයේදී ගංවතුරට හසුව සිටි පිරිසක් බේරා ගැනීමට ගොස් සැඩපහරකට හසුව මියගිය ඩිලාන් සම්පත් නැමති පොලිස් කොස්තාපල්වරයා සැරයන් තනතුරට උසස් කර තිබෙනවා.  

ඒ, පොලිස්පතිවරයාගේ තීරණයකට අනුවයි.

මාදම්පේ පොලීසියට අනුයුක්තව සේවය කරමින් සිටියදි පසුගිය 25 වනදා ගං වතුරට පිරිසක් හසුවීමට යාමේදී ඔවුන් බේරාගැනීමට යාමේදී කොස්තාපල්වරයා අතුරුදන්ව සිටි අතර ඔහුගේ සිරුර අද උදෑසන සොයාගනු ලැබුවේ නාවික හමුදාව සිදුකළ විශේෂ මෙහෙයුමකින් අනතුරුවයි.

මල්ගමුව, ගිරිඋල්ල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි කොස්තාපල්වරයාගේ සිරුර දකුණ - ගල්වල ප්‍රදේශයට මීටර 200 ක දුරකින් තිබියදි සොයා ගත්තේ.

එමෙන්ම පැවති අයපහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවලට දැඩි බලපෑම් එල්ලවුණා.

පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 16න් 15කටම අයහපත් කාලගුණයෙන් බලපෑම් සිදුවු අතර දැදුරු ඔය වාන් දොරටු 06 ක් සහ රාජාංගන ජලාශයේ වාන් දොරටු දෙක බැගින් ද විවෘත කර ඇති බවයි ප්‍රදේශයේ හිරු වාර්තකරු ජුඞ් සමන්ත සඳහන් කළේ.  

මේ අතර ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක අයහපත් කාලගුණ තත්ත්වයෙන් පීඩාවට ලක්ව ඇති පුත්තලම දිස්ත්‍රීක්කයේ තත්වය සම්බන්ධයෙන් මහඔය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දි දිස්තිි‍්‍රක්කයේ නිළධාරින් සමග සාකච්ජාවක අද පෙරවරුවේ නිරත වුනා.

පවතින තද වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් අද සිට අපේක්ෂා කළද දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට පස්වරුවේ  වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අතුල කරුණානායක ප්‍රකාශ කළේ.

 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories