ලිංගික අල්ලස් ඉල්ලූ බවට රැකියා විරහිත උපාධිධාරීන්ගෙන් චෝදනා

Sunday, 27 May 2018 - 13:22

%E0%B6%BD%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B7%92%E0%B6%9A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%96+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%84%E0%B7%92%E0%B6%AD+%E0%B6%8B%E0%B6%B4%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F
සංවර්ධන නිලධාරී තනතුර සඳහා පැවති සම්මුඛ පරීක්ෂණවලට පෙනී සිටි තරුණියන්ගෙන් පෞද්ගලිකත්වය අනිසි ලෙස විමසා ඇති බවට හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තාවුණා.

රැකියා විරහිත උපාධිධාරී තරුණ තරුණියන් සහභාගි වූ සම්මුඛ පරික්ෂණයකදී එහි සිටි පරීක්ෂක මණ්ඩලය විමසීම් කර ඇත්තේ පෞද්ගලික කරුණු සම්බන්ධයෙන්.

විවාහක අවිවාහක බව, මෙන්ම පෙම්වතෙකු සිටීද යන්න සම්බන්ධයෙන්ද මෙහිදී විමසා ඇති බවයයි වාර්තාවන්නේ.

අධ්‍යාපන සහතිකවලට වඩා බාහිර ක්‍රියාකාරකම් පිළිබඳ වැඩි අවධානයක් එහිදී යොමු වූ බවයි රැකියා විරහිත උපාධිධාරිනියක් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් රැකියා විරහිත උපාධිධාරී සංගමයේ කැඳවුම්කරු පූජ්‍ය තැන්නේ ඤාණානන්ද හිමියන් කියා සිටියේ මෙවැනි තත්වයන් වළක්වාගැනීමට රජය පියවර ගත යුතු බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories