දින 26 කදී වෛරස් උණෙන් දකුණේ දරුවන් 11 ක් මරුට

Monday, 28 May 2018 - 8:19

%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+26+%E0%B6%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B7%9B%E0%B6%BB%E0%B7%83%E0%B7%8A+%E0%B6%8B%E0%B6%AB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%9A+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+11+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
මැයි මස 1 වනදා සිට පෙරේදා දක්වා කාලය තුළදී ඉන්ෆ්ලූවෙන්සා සහ ඇඩිනෝ වෛරසය වැළඳීමෙන් මියගිය දරුවන්ගේ සංඛ්‍යාව 11 දක්වා ඉහළ ගොස් ඇති බව කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ජයම්පති සේනානායක පවසනවා.

මෙම කාලය තුළ මාතර දිස්ත්‍රික්කයේ දරුවන් පස්දෙනෙකුත්, ගාල්ල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල දරුවන් තුන්දෙනා බැගිනුත් මියගොස් ඇති බවයි වාර්තාවන්නේ.

පසුගිය දින දෙක තුළදී කුඩා දරුවන් දෙදෙනෙකු මෙම වෛරස් උණ රෝගය හේතුවෙන් මියගොස් ඇති බවයි රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළේ.

දකුණේ පැතිර යන ඉන්ෆ්ලූවෙන්සා රෝගය පිළිබඳ නිසි පරිදි ජනතාව දැනුම්වත් කර පාලනවය කිරීමට පියවර නොගතහොත් රෝගය රට පුරා පැතිරී ජීවිත හානි සිදුවීමේ අවදානමක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කරාපිටිය රෝහල් ශාඛාවේ සම ලේකම් වෛද්‍ය කන්චිත සමරරත්න සහ එහි සභාපති ළමා ශල්‍ය විශේෂඥ වෛද්‍ය ජනත් ලියනගේ පෙරේදා  ගාල්ලේදී මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළා.  

කෙසේ වෙතත් දකුණු පළාත් සෞඛ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය පී. විජේසූරිය සඳහන් කළේ අදාළ උණ රෝගය සම්බන්ධයෙන් පැතිර යන පුවත් සමඟ දෙමව්පියන් බියට පත්වී ඇතැම් සුළු රෝගී තත්ත්වයක් වාර්තා වුවද තම දරුවන් රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති බවයි.

මේ අතර දකුණු පළාතේ පැතිර යන  උණ රෝගය හේතුවෙන් වසා දැමුණු පෙර පාසල් යළි ආරම්භ කිරීම ද  ජූනි 4 වනදා දක්වා කල් දැමුණා.

එමෙන්ම උඩුගම, මොරවක, ගාල්ල, මාතර, මුලටියන, අකුරැස්ස, තංගල්ල, වලස්මුල්ල යන අධ්‍යාපන කලාප 08ට අයත් පාසල්වල ප්‍රාථමික අංශ සඳහා අද දිනයේදී  ද නිවාඩු ලබාදීමටයි දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළේ.
 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories