නිපා වෛරසය ලොව පුරා පැතිරීමේ අවදානමක්

Tuesday, 29 May 2018 - 15:07

%E0%B6%B1%E0%B7%92%E0%B6%B4%E0%B7%8F+%E0%B7%80%E0%B7%9B%E0%B6%BB%E0%B7%83%E0%B6%BA+%E0%B6%BD%E0%B7%9C%E0%B7%80+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B6%B4%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් වාර්තාවූ පළතුරු වවුලන් ඇතුලූ සත්ව විශේෂ වෙතින් මිනිසාට බෝවන මාරාන්තික වෛරස් රෝගය ලොව පුරා ව්‍යාප්ත විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා.

නිපා ලෙස නම් කර ඇති මෙම වෛරසය මීළඟ වසංගත රෝගය විය හැකි බවටයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේ.

මෙම වෛරසයෙන් ඉන්දියාවේ පමණක් මේවන විට පුද්ගලයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

තවත් 200 කට වැඩි පිරිසක් රෝහල් ගතකර ඇති අතර ඉන් 26 දෙනෙකු බරපතල තත්වයේ පසුවන බවයි වාර්තා වන්නේ.

වැඩි වශයෙන් බලපෑම් එල්ලවී ඇති කේරළ ප්‍රාන්තයේ හදිසි තත්වයක් ද ප්‍රකාශයට පත්කර ඇති බවයි විදෙස් පුවත් සේවාවල දැක්වෙන්නේ.

1998 වසරේ සිට මේ දක්වා නිපා වෛරසයෙන් මැලේසියාව, බංග්ලාදේශය සහ ඉන්දියාව යන රටවලින් මරණ 260 ක් වාර්තාවී තිබෙනවා.

මෙතෙක් එන්නතක් හෝ නිශ්චිත ප්‍රතිකාරයක් සොයාගෙන නොමැති නිපා වෛරස් රෝගය වැළඳෙන සියයට 70 ක් මියයන බව සඳහන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories