තැපෑලේ වර්ජනයෙන් ලිපි බෙදාහැරීමට බාධා

Monday, 04 June 2018 - 13:26

%E0%B6%AD%E0%B7%90%E0%B6%B4%E0%B7%91%E0%B6%BD%E0%B7%9A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92+%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B7%8F%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F
තැපැල් ස්ථානාධිපතිවරුන් දියත් කර ඇති සංකේත වර්ජනය හේතුවෙන් ලිපි බෙදා හැරිම කටයුතුවලට බාධා එල්ලවී තිබෙනවා.

නව පත්වීම් ස්ථීර කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඊයේ (03) මධ්‍යම රාත්‍රියේ මෙම වර්ජනය ආරම්භ කළ අතර, තැපැල් කාර්යාල 653ක සහ පාලන කාර්යාල 42ක වර්ජනය ක්‍රියාමත්මක බවයි තැපැල් හා විදුලි සංදේශ නිලධාරී සංගමයේ ප්‍රධාන ලේකම් එච්.කේ. කාරියවසම් ප්‍රකාශ කළේ.

ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනය සාධාරණ වුවද සංකේත වර්ජන තුලින් ඉල්ලීම් දිනාගැනීමට නොහැකි බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසනවා.

ඒ අනුව ලබන 11 වනදා සිට තම සංගමය අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ගයකට එලඹීමට තීරණය කළ බව එහි කැඳවුම්කරු චින්තක බණ්ඩාර සදහන් කළා.

කෙසේ වෙතත් තැපැල් ස්ථානාධිපතිවරුන්ගේ ඉල්ලීම්වලට විසඳුම් ලබාදීමට කටයුතු කරන බවයි තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය ඒ.එච්.එම්. හලීම් මහනුවර ඊයේ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories