රංගජීව සහ ළමාහේවාත් යළි රිමාන්ඩ්

Tuesday, 05 June 2018 - 11:26

%E0%B6%BB%E0%B6%82%E0%B6%9C%E0%B6%A2%E0%B7%93%E0%B7%80+%E0%B7%83%E0%B7%84+%E0%B7%85%E0%B6%B8%E0%B7%8F%E0%B7%84%E0%B7%9A%E0%B7%80%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව මේ මස 19 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, සැකකරුවන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අද නඩුව කැදවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී සිටියේ දැනට රිමාන්ඞ් කර සිටින සැකකරුවන් ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයන්ට,  සිද්ධිය වූ දින, වැලිකඩ බන්ධනාගාරය තුලට පැමිණීමට ආධාර අනුබල දුන් කිහිපදෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගෙන මේ වනවිට ඉදිරි පරීක්ෂණ ක්‍රියාත්මක බවයි.

2012 වසරේ නොවැම්බර් 09 වන දා වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් රැඳවියන් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories