පොලීසිය සොයන මාල හොරා (ඡායාරූප)

Monday, 11 June 2018 - 12:45

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD+%E0%B7%84%E0%B7%9C%E0%B6%BB%E0%B7%8F+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
මහ මඟ ගමන් ගත් කාන්තාවකගේ ගෙල බැඳි රන් මාලයක් කොල්ලකා පලාගිය සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජනතාවගේ සහය පතනවා.

කේ.ජී. සාගර ස්වාර්ණමාල් නමැති අදාල සැකකරු පසුගිය දෙවන මස 16 වන දින වත්තේගම - මඩවල ප්‍රදේශයේදී මාර්ගයේ ගමන්ගත් කාන්තාවකගේ රන් මාලයක් කොල්ල කා පලාගොස් තිබෙනවා.

අංක 328/14 කුඹල්ගෙදර, යටිරාවන, වත්තේගම ලිපිනයේ පදිංචිව සිට ඇති 24 හැවිරිදි සැකකරු මේ වන විට එම ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

සැකකරු සම්බන්ධයෙන් තොරතුරක් දන්නා අයෙකුවේ නම් 081-2476222 සහ 071-8591063 යන දුරකථන අංකයන්ට දැනුම් දෙන ලෙසට පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.









Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories