හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්, හැඩූ කඳුළින් කර්නල්ට සමුදෙයි

Monday, 11 June 2018 - 19:18

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%91%E0%B6%BD%E0%B7%8A.%E0%B6%A7%E0%B7%93.%E0%B6%A7%E0%B7%93.%E0%B6%8A.+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B7%84%E0%B7%90%E0%B6%A9%E0%B7%96+%E0%B6%9A%E0%B6%B3%E0%B7%94%E0%B7%85%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A%E0%B6%B1%E0%B6%BD%E0%B7%8A%E0%B6%A7+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
අවස්ථාවාදී දේශපාලනඥයින් දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් තම පටු අරමුණු ඉටු කර ගැනීමට මෙවලම් කර ගන්නා සංහිදියාව, මේ මහ පොළොවේ පැළ කළ හැක්කක් නොවේ.

නමුත්, ජන හද තුළින් මතු වූ මහපොළොවේ පැළ වූ සැබෑ සංහිදියාවේ කථාවක් ඊයේ කිලිනොච්චිය - විශ්වමඩු ප්‍රදේශයෙන් වාර්තා වුණා.

ඒ, කිලිනොච්චිය ප්‍රදේශයේ සියලූ දෙනාගේ ගෞරව බහුමානයට ලක්වූ සිවිල් ආරක්ෂක බලකායේ අණ දෙන නිලධාරී, ලූතිනන් කර්නල් රත්නප්‍රිය බන්දු, අබේපුස්ස - සිංහ රෙජිමේන්තුව වෙත ස්ථාන මාරුවක් ලබා යාමත් සමඟයි.

ඒ, දශක තුනකට ආසන්න කාලයක් මේ රට බෙදා ගන්නට වෛරයේ ගිනි දැල් වැපිරූ කණ්ඩායමක හද පත්ලෙන් මතුවූ ප්‍රකාශයන්.

වසර 6කට ආසන්න කාලයක් යාපනය, කිලිනොච්චිය, විශ්වමඩු, සිවිල් ආරක්ෂක බලකායේ ඒකාබද්ධ නිලධාරීයා ලෙස කටයුතු කළ ලූතිනන් කර්නල් රත්නප්‍රිය බන්දු අප රට ඉල්ලා සිටින සංහිදියාව එම භූමිය තුළ පැළ කර ඇති ආකාරයට තවත් නිදසුන් අවශ්‍ය නැහැ.

එදා මෙදා තුර ඉතිහාසයේ දේශපාලනඥයෙකුට හෝ හිමිව නොතිබූ ගෞරවයක් ලබාදෙමින් තුවක්කු උණ්ඩයට, බෝම්බයට පමණක් හුරු දෑසින් සිටි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සෙවනේ කර්නල්වරයා යටතේ ජීවිතය නැවත ඉගෙන ගත් තරුණ, තරුණයින් උත්සවය වර්ණවත් කළා.

මේ අතර, අම්පාර - තිරුක්කෝවිල් - රූපස්කුලම ප්‍රදේශයේදී තමන්ට යටත් වූ නිරායුද පොලිස් නිලධාරීන් 400 දෙනෙකු  එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් ඝාතනය කිරීමේ සිද්ධියට අදට වසර 28ක්.

ඒ වෙනුවෙන් එම ස්ථානයේ සැමරුම් උත්සවයක් ද පොලිස්පති පූජිත් ජයසුන්දරගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කර තිබුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories