කාශ්මීර මාධ්‍යවේදියාගේ අවමංගල්‍යයට දහස් සංඛ්‍යාත පිරිසක්

Friday, 15 June 2018 - 15:01

%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B7%8A%E0%B6%B8%E0%B7%93%E0%B6%BB+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A
ඉන්දු - කාශ්මීරයේ ශ්‍රී නගර් හිදී සන්නද්ධ ප්‍රහාරයකින් ඝාතනයට ලක්වූ රයිසින් කාශ්මීර් පුවත්පතේ කර්තෘ සුජාට් බුකාරිගේ අවමංගල්‍ය උත්සවය දහස් සංඛ්‍යාත පිරිසකගේ සහභාගීත්වයෙන් අද සිදුකෙරුණා.

යතුරුපැදියකින් මුහුණු ආවරණය කරගෙන පැමිණි 3 දෙනෙකු ඊයේ (14) ඔහු මෙලෙස වෙඩි තබා ඝාතනය කළ අතර, එම සිද්ධිය CCTV කැමරාවල සටහන් වී තිබූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

කාශ්මීරයේ බෙදුම්වාදී අරගලය පිළිබඳ වාර්තාකරණය හේතුවෙන් ඔහුට ත්‍රස්තවාදීන්ගේ තර්ජන පැවති බවත්, එමගින් වැඩිදුරටත් සඳහන් කළා.

52 හැවිරිදි සුජාට් බුකාරි අවසන් වරට නිකුත් කළ ට්විටර් පුවත වූයේ කාශ්මීර ජනතාවගේ මානව හිමිකම් උල්ලංගණය වීම පිළිබඳව ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයාගේ ප්‍රකාශයයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories