ස්කොට්ලන්තයේ මහා ගින්නක්

Saturday, 16 June 2018 - 8:28

%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A
ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවර සුප්‍රකට කලා පාසල් ගොඩනැගිල්ලේ විශාල ගින්නක් හටගෙන තිබෙනවා.

නගර මධ්‍යයේ පිහිටි මැකින්ටොෂ් නැමති සුප්‍රකට ගොඩනැගිල්ලේ අද අලුයම් කාලයේ ඇති වූ ගින්න තවදුරටත් පැතිරෙමින් පවතින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ගින්න නිවීම සඳහා ස්කොට්ලන්ත ගිනි නිවන සේවාවේ භටයන් 60කට වැඩි සංඛ්‍යාවක් සහ ගිනි නිවන රථ රැසක් දැඩි උත්සාහයක නිරතව සිටිනවා.

මෙම ගොඩනැගිල්ලේ 2004 වසරේදී ද විශාල ගින්නක් ඇති වූ අතර ඉන් පසුව ප්‍රතිසංස්කරණය කරනු ලැබුවේ පවුම් මිලියන ගණනක් වැය කරමින්.

ගින්න පවතින ස්ථානය අවට ජනයා ඉවත් කර ඇති අතර, ගින්න නිසා මෙතෙක් ජීවිත හානි වාර්තා වී නැහැ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories