ඥානසාර හිමි නිදහස් කරන්නැයි පාර්ශව රැසකින් ඉල්ලීම් - නීතිය ක්‍රියාත්මක කළේ පනතට අනුවයි - විෂය භාර ඇමතිනිය

Sunday, 17 June 2018 - 19:13

%E0%B6%A5%E0%B7%8F%E0%B6%B1%E0%B7%83%E0%B7%8F%E0%B6%BB+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B7%80+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+-+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A+%E0%B6%9A%E0%B7%85%E0%B7%9A+%E0%B6%B4%E0%B6%B1%E0%B6%AD%E0%B6%A7+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BA%E0%B7%92+-+%E0%B7%80%E0%B7%92%E0%B7%82%E0%B6%BA+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%BA
දැනට බන්ධනාගාරගත කර සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ද බන්ධනාගාර පනතේ නිත්‍ය නියෝගවලට අනුව ක්‍රියා කිරීමට සිදුවනු ඇති බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරාළ ප්‍රකාශ කළා.

මේ අතර, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට උදරාබාධයක් වැළඳී ඇති බවට පැතිර යන වාර්තා සම්බන්ධයෙන් අප බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙනියගෙන් කළ විමසීමකදී කියා සිටියේ උන්වහන්සේ වෛද්‍ය පරික්ෂණයකට යොමු කළද එවැනි කිසිදු ආබාධයක් පිළිබඳව අනාවරණ නොවූ බවයි.   

බන්ධනාගාරගත ගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලමින් අදත් පාර්ශව කිහිපයකින් ඉල්ලීම් ඉදිරිපත් වුණා.

ඥානසාර හිමියන්  බන්ධනාගාර ගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය ඉවත් කිරීම පිළිබඳ දැනුම්වත් කිරීම සඳහා සිංහල රාවය සංවිධානය සහ බොදුබල සේනා සංවිධානය, රාමඤ්ඤ නිකායේ මහානායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි හිමියන් සහ අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් බැහැදුටුවා.

එමෙන්ම සිංහල රාවය සහ බොදුබල සේනා සංවිධානවල හිමිවරුන් ඉන් අනතුරුව මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ ශ්‍රී විමලධම්ම හිමියන් ද බැහැ දුටුවා.

මේ අතර, තම සංඝ සභාවේ අවසරයකින් තොරව ඊට අයත් භික්ෂුවක් වන පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීම පිළිබදව අප්‍රසාදය පළ කරන බව සඳහන් කරමින් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝ සභාව, අධිකරණ ඇමතිනි තලතා අතුකෝරලට ලිපියක් ද යොමු කර තිබුණා.

එමෙන්ම පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා ජනාධිපතිවරයා දැනුවත් කරමින් ස්‍යාමෝපාලි වංශික මහනිකායේ ශ්‍රී රෝහණ මහා සංඝ සභාව ද අද ලිපියක් යොමු කළා.

එමෙන්ම ඥානසාර හිමි බන්ධනාගාරගත කිරීමට එරෙහිව මහියංගනය නගරයේ කළු කොඩි ඔසවා අධිෂ්ඨාන පූජාවක් ද ඊයේ (16)පවත්වා තිබෙනවා.

මහියංගනය රජමහා විහාරයේදී අදාළ අධිෂ්ඨාන පූජාව සංවිධාන කර තිබුණේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි බන්ධනාගාරගත කිරීමට එරෙහි 2018 වෙල්ලස්සෙන් ඇරඹි සටන සංවිධානයයි.

අධිෂ්ඨාන පූජාවෙන් අනතුරුව ඔවුන් මහියංගනය ශ්‍රී සුමන සමන් දේවාලය වෙත ගොස් දේව කන්නලව්වක ද නිරත වුණා.

මේ අතර, ඥානසාර හිමියන්ගේ භික්ෂුභාවය ආරක්ෂා කර දෙන ලෙස ඉල්ලමින් තිස්සමහාරාම - ලුණුගම්වෙහෙර ඒකාබද්ධ භික්ෂු සංවිධානයේ භික්ෂූන් වහන්සේලා සහ ප්‍රදේශවාසීන් අද (17) විරෝධතා පා ගමනක නිරත වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

කෙසේ වෙතත්, අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරාළ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පිළිබදව ඉදිරි දිනවලදී කරුණු සලකා බැලීමක් සිදුකරන බවයි.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories