ඉන්දුනීසියාවේ යාත්‍රා අනතුරින් 190 කට වැඩි පිරිසක් අතුරුදන්

Wednesday, 20 June 2018 - 16:44

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+190+%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A
ඉන්දුනීසියාවේ සිදුවූ මගී ප්‍රවාහන යාත්‍රා අනතුරින් පුද්ගලයන් 190 කට වැඩි පිරිසක් අතුරුදන්වී ඇතැයි මේ වන විට අනාවරණ වී තිබෙනවා.

අතුරුදන්වුවන්ගේ ඥාතීන් චෝදනා කරන්නේ මගී ප්‍රවාහන යාත්‍රාවල මුලික ආරක්ෂක ක්‍රමවේ ද හෝ අනුගමනය කිරීමට රජය පියවර ගෙන නොමැති බවටයි.

මගීන් විශාල ප්‍රමාණයක් යාත්‍රාවේ රැගෙන යාම හේතුවෙන් එය ගිලී ගිය බවටයි අනාවරණ වී ඇත්තේ.

මගීන්ට අමතරව යතුරුපැදි විශාල සංඛ්‍යාවක් ද එම අවස්ථාවේ මෙම යාත්‍රාවේ රැගෙන යමින් තිබුනා.

මගීන් 43 දෙනෙකු පමණක් රැගෙන යා හැකි යාත්‍රාවක පුද්ගලයන් 190 කට වැඩි පිරිසක් රැගෙන යාම පිළිබඳ දැඩි චෝදනාවක් එල්ලවනවා.

එමෙන්ම යාත්‍රාවේ ඇත්තේ ද ආරක්ෂිත කබා 45 ක් පමණක් බව සඳහන්.

අනතුරින් මෙතෙක් බේරා ගැනීමට හැකියාව ලැබී ඇත්තේ 18 දෙනෙකු පමණයි.

පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් අතුරුදන් වුවන් සෙවීමේ මෙහෙයුම්වලට ද බාධා එල්ලවී තිබෙනවා.

යාත්‍රාව ගිලී යන විට තමන් ඉන් ඉවතට පැනගත් බවයි දිවි ගලවාගත් පිරිස් ප්‍රකාශකර ඇත්තේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories