සංවර්ධනය බෝඩ් ලෑලිවලට සීමාවෙලා - දිලුම් අමුණුගම

Thursday, 21 June 2018 - 12:41

%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B6%E0%B7%9D%E0%B6%A9%E0%B7%8A+%E0%B6%BD%E0%B7%91%E0%B6%BD%E0%B7%92%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8F+-+%E0%B6%AF%E0%B7%92%E0%B6%BD%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%85%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B6%9C%E0%B6%B8
වත්මන් ආණ්ඩුවේ සංවර්ධන වැඩපිළිවෙල බෝඞ් ලෑලිවලට පමණක් සීමාවී ඇති බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි දිලූම් අමුණුගම පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.  

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතනය කර ඇති බවට අමාත්‍ය පාඨලී චම්පික රණවක හිරු ටී.වී. සලකුණ වැඩසටහනේදී සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කළ යුතු බව ද මන්ත්‍රී දිලූම් අමුණුගම සඳහන් කළා.

මේ අතර පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ගත් කෝප් කමිටු සාමාජිකයන් සම්බන්ධයෙන් ඉදිරියේදී අනාවරණය වනු ඇති බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා.

එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මේ බව කියා සිටියේ කොළඹ අද කැඳවා තිබූ තවත් මාධ්‍ය හමුවකට එක්වෙමින්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories