වර්ජනයේ නිරත වෘත්තිය සමිති සහ විෂයභාර අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් සමඟ අද පැවති සාකච්ඡාවද එකඟතාවකින් තොරව අවසන් වූ බව තැපැල් වෘත්තිය සමිති එකමුතුව ප්‍රකාශ කළා.
එහි කැඳවුම්කරු චින්තක බණ්ඩාර හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ සිය ඉල්ලීම් ලැබෙනතුරු තම වෘත්තිය ක්‍රියාමාර්ගය අඛන්ඩව දියත් කරන බවයි.
මේ අතර වර්ජනය අවසන් කර තවදුරටත් සේවයට වාර්තා කර නොමැති කාර්ය මණ්ඩලයට නොපමාව සේවයට වාර්තා කරන ලෙසට තැපැල්පති ඩී එල් පී රෝහණ ඉල්ලා සිටිනවා.
ජුනි මස වැටුප් ගෙවීම සිදු කරනු ලබන්නේ සේවයට වාර්තා කරන කාර්ය මණ්ඩලයට පමණක් බවයි තැපැල්පතිවරයා කියාසිටියේ.
තවදුරටත් වර්ජනයේ නිරතව සිටින කාර්ය මණ්ඩලයට ජුනි පළමුවනදා සිට 11 වනදා දක්වා පමණක් වැටුප් ගණනය සිදු කෙරන බව ද තැපැල්පතිවරයා දැනුම් දෙනවා.
තැපැල් දෙපාර්තමේන්තුවටම අනන්‍යවු සේවා ව්‍යවස්ථාවක් සකස් කර දෙන ලෙස සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් 11 වන දිනටත් තැපැල් සේවකයින් වර්ජනයේ නිරතවීම නිසා රට තුල මුද්දර හිඟයක්ද මතුව තිබෙනවා.
තැපැල් කාර්යාල වසා දැමීමත් සමග මුද්දර මිලදි ගැනීමට නොහැකිවීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බවයි හිරු ප්රවෘත්ති අංශයට අනාවරණය වුනේ.
නීතිමය ලියවිලි අත්සන් තැබීමට මෙන්ම කාර්යාලීය කටයුතුවලටද මෙමගින් බලපෑම් සිදුව තිබෙනවා.
වර්ජනය හේතුවෙන් ලිපි බෙදීම මෙන්ම ජාත්‍යන්තර තැපැල් කටයුතු ද සම්පුර්ණයෙන්ම ඇනහිට ඇති බව සඳහන්.
එමෙන්ම රථවාහන දඩ අයකර ගැනීම සහ මාසික වැඩිහිටි දීමනාව ගෙවීම ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ක්‍රියාත්මක කිරිමට සිදුව ඇති බවයි තැපැල්, තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් තැපැල් අමාත්‍යාංශයේ ලේකම් ආර්. එම්. ඩී. බී. මීගස්මුල්ල කියා සිටියේ.

Follow US
Most Viewed Stories