update: ඥානසාර හිමියන් ඇප කොන්දේසි සපුරා අධිකරණයෙන් පිටව යයි

Friday, 22 June 2018 - 14:44

update%3A+%E0%B6%A5%E0%B7%8F%E0%B6%B1%E0%B7%83%E0%B7%8F%E0%B6%BB+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%B4+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B7%83%E0%B7%92+%E0%B7%83%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%80+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
සන්ධ්‍යා එක්නැලිගොඩට බැන, තර්ජනය කිරීම සම්බන්ධයෙන් මාස 6ක සිර දඬුවම් නියම වූ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අද ඇප හිමි වුණා.

ඒ, උන්වහන්සේ ගොනුකර තිබූ අභියාචනය හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී සලකා බැලූණු අවස්ථාවේදීයි.

රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත උන්වහන්සේ මුදා හැරීමට නියෝග කළ හෝමාගම මහේස්ත්‍රාත් උදේෂ් රණතුංග ඥානසාර හිමියන්ගේ විදෙස් ගමන් තහනම් කළා.  

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය 14 වන දා ඥානසාර හිමියන්ට බරපතල වැඩ සහිත මාස 6ක සිර දඬුවම් නියම කළ අතර, පසුගිය 19 වැනිදා උන්වහන්සේ ගොනු කළ අභියාචනය ප්‍රථම වරට කැඳවනු ලැබුවා.

කෙසේ වෙතත්, නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එදින අධිකරණයට නොපැමිණීම හේතුවෙන් අභියාචනය සලකා බැලීම අදට කල් තැබුණා.

අද පෙරවරුවේ සිටම හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය අවට දැඩි ආරක්ෂාවක් යොදවා තිබූ අතර, පොලිස් කැරලි මර්දන ඒකකය සහ ජල ප්‍රහාරක රථද එහි කැදවා තිබූ බව අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා.

අභියාචනය සලකා බැලීම හෝමාගම මහේස්ත්‍රාත් උදේශ් රණතුංග ඉදිරියේ ආරම්භ වුණේ පස්වරු දෙකට පමණයි.

එහිදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටිමින් කරුණු දැක්වීම සිදුකළේ රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජානක බණ්ඩාරයි.

නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණය මඟ හරින බවට පළ වූ මාධ්‍ය වාර්තා ඔහු එහිදී දැඩිව විවේචනය කළා.

මාස 06 ක සිරදඬුවමක් හිමිවු වෙනත් සිරකරුවෙකු සම්බන්ධයෙන් අධිකරණය කටයුතු කරන්නේ කෙසේද, ඥාණසාර හිමියන් සම්බන්ධයෙන්ද එලෙස කටයුතු කිරීම පිළිබඳව විරුද්ධත්වයක් නොමැති බවයි ඔහු සඳහන් කළේ.

ඥාණසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් ද සිල්වා එහිදී කරුණු දක්වමින් කියා සිටියේ අභියාචනය විමසා අවසන්වීමට යන කාලය සලකා බලා උන්වහන්සේට ඇප ලබාදෙන ලෙසයි.

එසේම අභියාචනය පළමුවර කැදවූ දිනයේදී එය කල් යාම සම්බන්ධයෙන් කැබිනට් ප්‍රකාශකවරයා අධිකරණයට අපහාස වන අයුරින් අදහස් දක්වා ඇති බව ද ඔහු පෙන්වා දුන්නා.

පසුව අධිකරණයෙන් ඇප හිමිවූ පසු ඥානසාර හිමියන් අදාළ බැඳුම්කරයට අත්සන් තැබීම සඳහා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ ලේඛකාධිකාරීවරිය වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයාට දන්වනු ලැබුවා.

ඒ අනුව උන්වහන්සේ බන්ධනාගාරයේ සිට එහි වැඩම කළ අතර, අනතුරුව ඇප කොන්දේසි සපුරා අධිකරණයෙන් පිට වුණා.

එම ස්ථානයේ සිට උන්වහන්සේ හෝමාගම සිරිසුගත බිම්බාරාම විහාරස්ථානය දක්වා වැඩම කළේ භික්ෂූණ් වහන්සේලා ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති පෙරහරකින්.

අනතුරුව අදහස් දක්වමින් බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් කියා සිටියේ තමා අඛණ්ඩව බුද්ධශාසනය වෙනුවෙන් පෙනී සිටින බවයි.

update : Friday, 22 June 2018 - 16.13
-----------------------------------------------------------------

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ඇප

සන්ධ්‍යා එක්නැලිගොඩට බැන, තර්ජනය කිරීම සම්බන්ධයෙන් මාස 6ක සිර දඬුවම් නියම වූ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අද ඇප හිමි වුණා.

හෝමාගම මහේස්ත්‍රාත් උදේශ් රණතුංග එහිදී නියෝග කළේ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත උන්වහන්සේ මුදා හරින ලෙසයි.

එසේම ඥානසාර හිමියන්ට විදෙස් ගමන් ද තහනම් කෙරුණා.

ඥානසාර හිමියන් ගොනුකළ අභියාචනය හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ අද (22) දෙවන දිනටත් සලකා බැලුනා.

පසුගිය 19 වනදා එම අභියාචනය ප්‍රථම වරට කැඳවූ අතර, නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරින් එදින අධිකරණයට නොපැමිණීම හේතුවෙන් අභියාචනය සලකා බැලීම අද පස්වරු 2 දක්වා කල් තැබීමට හෝමාගම මහේස්ත්‍රාත් උදේශ් රණතුංග නියෝග කළා.

එම අභියාචනය සලකා බලමිනුයි මහේස්ත්‍රාත්වරයා ඥානසාර හිමියන්ට ඇප ලබාදී ඇත්තේ.

මේ අතර ඇප අත්සන් කිරීම සඳහා වැලිකඩ බන්ධනාගාරයේ සිට පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් රැගත් බන්ධනාගාර වෑන් රථයක් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය බලා පිටත්ව ගොස් තිබෙනවා.

අධිකරණය කළ දැනුම් දීමකට අනුවයි උන්වහන්සේ හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත කැදවා ඇත්තේ.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳට බැන තර්ජනය කිරීම සම්බන්ධයෙන් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට මාස 06 කින් ගෙවී යන පරිදි වසරක බරපතල වැඩසහිත සිරදඬුවම් නියම කෙරුනේ පසුගිය 14 වනදායි.

හෝමාගම මහේස්ත්‍රාත් උදේශ් රණතුංග දඬුවම් නියම කරමින් සඳහන් කළේ පැමිණිලිකාරියට රුපියල් 50,000 ක වන්දියක්ද ගෙවන ලෙසයි.

එය නොගෙවන්නේ නම් තවත් මාස 03 ක ලිහිල් සිරදඬුවමකටද යටත්වීමට සිදුවන බව හෝමාගම මහේස්ත්‍රාත්වරයා සඳහන් කළා.

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට එරෙහිව මෙම නඩුව ගොනු කෙරුණේ 2016 වසරේ ජනවාරි මාසයේදීයි.

ඒ, මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුවට පැමිණි ඔහුගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩට හෝමාගම අධිකරණ පරිශ්‍රයේදී බැන තර්ජනය කිරීම සම්බන්ධයෙන්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories