ඔඩ්ඩුසුඩාන් හිදී ක්ලේමෝ බෝම්බයක් සමඟ, අත්අඩංගුවට ගත් 4ක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට (ඡායාරූප)

Saturday, 23 June 2018 - 12:59

%E0%B6%94%E0%B6%A9%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%A9%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%AF%E0%B7%93+%E0%B6%9A%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A%E0%B6%B8%E0%B7%9D+%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F%2C+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+4%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
මුලතිව් - ඔඩ්ඩුසුඩාන් - පේරාරු මාර්ගයේ ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ කිලෝ 15ක අධි බලැති ක්ලේමෝ බෝම්බයක් ඇතුලු යුද උපකරණ සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා සහ ඊට සම්බන්ධ තවත් පුද්ගලයින් දෙදෙනෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට ඉදිරිපත් කර තිබෙනවා.

උතුර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ ඊයේ (22) වැටලීම සිදුකරන අවස්ථාවේදී ත්‍රිරෝද රථයේ සිට පළා ගිය තවත් පුද්ගලයෙකු සොයා උතුර පළාතේ විශේෂ මෙහෙයුමක් දියත් කර ඇති බවයි.

ඊයේ අලුයම 5.30ට පමණ මෙම යුද උපකරණ සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් අතර, ඊට සම්බන්ධ තවත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ පුදුකුඩිඉරිප්පු පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.

අත්අඩංගුවට ගත් ත්‍රිරෝද රථයේ තිබී ටී - 56 උණ්ඩ 120ක්, ඉලෙක්ට්‍රොනික් ඩෙටනේටර් 10ක්, ඉලෙක්ට්‍රොනික් නොවන ඩෙටනේටර් 21ක්, එල්.ටී.ටී.ඊ. ය විසින් නිෂ්පාදිත අත්බෝම්බ 2ක්, දුරස්ථ පාලක 6ක්, වනයේ සැඟවීම සඳහා එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් භාවිත කරන ඇඳුමක් ඇතුළු උපකරණ තොගයක් එහිදී සොයාගෙන තිබෙනවා.

මේ අතර, යුද හමුදාව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ උතුරු සහ නැගෙනහිර පළාත්වල යුද හමුදා කඳවුරු ඉවත් කරන බවට හා හමුදා සාමාජිකයන්ගේ සංඛ්‍යාව අඩු කරන බවට ජනතාව නොමඟ යවමින් ඇතැම් දේශපාලනඥයන් සිදුකරන ප්‍රකාශ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවයි.

ඇතැම් පුද්ගලයන් සන්නද්ධ හමුදාවන් හි සාමාජිකයන්ට වඩා දේශප්‍රේමීන් බව පෙන්වීමට කටයුතු කරන අතර, ඔවුන් පෙන්වීමට උත්සාහ කරන ආකාරයේ කිසිදු ක්‍රියාමාර්ගයක් හමුදාව මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති බවයි යුද හමුදාව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

උතුරු - නැගෙනහිර පළාත්වල පිහිටි කිසිදු කදවුරක් ඉවත් කිරීමකින් තොරව යුද හමුදා සාමාජිකයන් ඒකාබද්ධ වෙමින් අනාගතයේදී  ඕනෑම අභියෝගයකට මුහුණදීමට හැකි වන අයුරින් ක්‍රමෝපාය හා මෙහෙයුම් කාර්යයක්ෂමතාව ඉහළ නැංවීමට කැප වී සිටින බව එමගින් අවධාරණය කළා.



ඡායාරූප - වව්නියාව, රොමේෂ් මදුසංක


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories