මාතර කොල්ලයට ඇල්ලූ කොස්ගොඩ තාරක ඇතුළු සැකකරුවන් රිමාන්ඩ් - පැන ගිය දෙදෙනා ගැනත් පරීක්ෂණ

Saturday, 23 June 2018 - 17:27

%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B6%BB+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%96+%E0%B6%9A%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%AD%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A++-+%E0%B6%B4%E0%B7%90%E0%B6%B1+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB
මාතර නගරයේ ස්වර්ණාභරණ අලෙවිසැල කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කොස්ගොඩ තාරක ඇතුළු සැකකරුවන් 3 දෙනා ලබන 2 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය අද (23) නියෝග කළා.

මාතර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගේ දැනුම්දීම මත ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් සැකකරුවන් ප්‍රතිකාර ලබන කරාපිටිය ශික්ෂණ රෝහලට පැමිණ මෙම නියෝගය නිකුත් කළ බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරු සදහන් කළේ.

එමෙන්ම, ලබන 2 වනදා සැකකරුවන් තුන්දෙනා මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට ද මහේස්ත්‍රාත්වරයා පොලීසියට නියෝග කර තිබෙනවා.

මේ අතර, සිද්ධියට සම්බන්ධ පලාගිය සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සදහා පොලීසිය විශේෂ මෙහෙයුමක් ද ආරම්භ කර තිබෙනවා.

ඉන් එක් සැකකරුවෙකු මේ වනවිටත් නිෂ්චිතව හදුනාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සදහන් කළේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මිනිමැරුම් සහ කොල්ලකෑම් රැසකට සම්බන්ධ චාමර ඉන්ද්‍රජිත් නැමැත්තා පොලීසියට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට යාමේදී පොලිස් වෙඩි පහරකින් අද පෙරවරුවේ ජීවිතක්ෂයට පත්වුණා.

ඒ මාතර - කිරලකැළේ ප්‍රදේශයේ ඔහු සගවා තිබූ බෑගයක් පෙන්වීමට යාමේදී එහි තිබූ අත්බෝම්බයක් රැගෙන පොලීසියට ප්‍රහාරයක් එල්ල කළ  අතරතුරයි.

කොල්ලකෑම මෙහෙය වූ ප්‍රධාන සැකකරු වන තාරක පෙරේරා විජේසේකර හෙවත් කොස්ගොඩ තාරක තවමත් කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඔහුගේ සොහොයුරා සහ තවත් පුද්ගලයෙකු ද එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

මාතර නගරයේ ස්වර්ණාභරණ අලෙවිසැලක් කොල්ලකෑමට මෙම කොල්ලකරුවන් ඊයේ පැමිණ තිබුණේ යතුරුපැදි දෙකකින්.

ඔවුන් කොල්ලය සිදුකර පළා යද්දී, එම ස්ථානයට පැමිණි පොලීසිය සමඟ වෙඩි හුවමාරුවක් සිදුවූ අතර, එහිදී පොලිස් නිලධාරීන් 3 දෙනෙකු ඇතුළු 5 දෙනෙකු තුවාල ලබා මාතර රෝහලට ඇතුළත් කළා.

කෙසේ වෙතත්, බරපතල තුවාල ලැබූ පොලිස් නිලධාරියෙකු එහිදී ජීවිතක්ෂයට පත්වුණා.

තුවාල ලැබූ තවත් පොලිස් නිලධාරියෙකු තවමත් මාතර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

කොල්ලකරුවන් පැමිණි එක් යතුරුපැදියක ලියාපදිංචි හිමිකාරිය වූ කොස්ගොඩ තාරකගේ මව ද පොලීසිය ඊයේ අත්අඩංගුවට ගත්තා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories