දහසයේ පිලේ මන්ත්‍රීවරයෙකු නිදහස් පක්ෂයෙන් ඉවත් වේ

Sunday, 24 June 2018 - 7:47

%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%9A+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%9A
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග ඉදිරියේදී දේශපාලන ගමන ආරම්භ කිරීමට සූදානම් බව පසුගියදා නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී තාරානාත් බස්නායක පවසනවා.

ඔහු කියා සිටියේ එළඹෙන සතියේ සිට ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම සමග එක්ව පාර්ලිමේන්තුව තුළ ද කටයුතු කරන බවයි.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව හිටපු ජනාධිපතිවරයා සමඟ කටයුතු කරන බවයි ඔහු තවදුරටත් ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත්, ඊයේ මිනුවන්ගොඩ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග කියා සිටියේ 16 කණ්ඩායම ඒකාබද්ධ විපක්ෂය සමග එක්වන්නේ නම් නිදහස් පක්ෂයෙන් ඉවත් විය යුතු බවයි.  

අමාත්‍ය පී.හැරිසන් ද 16 කණ්ඩායම පිළිබදව ඊයේ අනුරාධපුරයේ පැවති උත්සවයකදී අදහස් පළ කරමින් කියා සිටියේ ඉවත්වූ දහසයේ කණ්ඩායම මේ වනවිට අතරමංව සිටින බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories