යතුරුපැදියක් බස් රථයක ගැටී මව සහ පුතු රෝහලේ (ඡායාරූප)

Wednesday, 27 June 2018 - 12:25

%E0%B6%BA%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%B8%E0%B7%80+%E0%B7%83%E0%B7%84+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
වැල්ලවාය මොණරාගල මාර්ගයේ වරුණගම ප්‍රදේශයේදී යතුරු පැදියක් ලංගම බස් රථයක ගැටී සිදු වූ රිය අනතුරකින් යතුරු පැදියේ ගමන් කළ මවක් සහ කුඩා දරුවෙකු බරපතල තුවාල ලබා මොණරාගල මහ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

මෙලෙස බරපතල තුවලා ලබා ඇත්තේ වැල්ලවාය වීරසේකරගම ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි කාන්තාවක් සහ වයස අවුරුදු 5 ක් වූ ඇගේ පුත්‍රයයි.

වැල්ලවාය සිට මොණරාගල දෙසට ධාවනය වූ බස් රථය එම දෙසටම ධාවනය වූ යතුරු පැදියේ ගැටී අනතුර සිදු වී ඇති බවයි පොලිසිය පැවසුවේ.

අනතුර සිදු කල බස් රථයේ රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර වැල්ලවාය පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා.


(ඡායාරූප - ජයන්ත වීරසේකර)



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories