මාතරින් කොල්ලකෑ රන් අභරණවලින් කොටසක් හමුවෙයි (ඡායාරූප)

Friday, 29 June 2018 - 13:48

%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%91+%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B7%E0%B6%BB%E0%B6%AB%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
මාතර ස්වර්ණාභරණ කොල්ලය සිදුකර පළා ගිය හබරකඩ වසන්ත නැමැත්තා සඟවා තිබූ රන් ආභරණවලින් කොටසක් පොලීසිය සොයාගෙන තිබෙනවා.

ඒ, ඔහුගේ මවගෙන් පොලිස් සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශය සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලින් අනතුරුවයි.  

එම රන් භාණ්ඩ හෝමාගම - හබරකඩ ප්‍රදේශයේ නිවසක මිදුලේ වළ දමා තිබියදී සොයා ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ප්‍රකාශ කළේ.

හබරකඩ වසන්ත නමැත්තාගේ හෝමාගම - හබරකඩ නිවසේ තිබී රිවෝල්වරයක්, ජීව උණ්ඩ 4 ක් සහ හිස් පතොරම් කොපු දෙකක් පොලිස් විශේෂ කාර්ය බලකාය සොයා ගත්තා.

එහිදී ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගත් අතර, පසුව මව, පියා සහ රන් භාණ්ඩ වළ දමා තිබූ නිවසේ සිටි කාන්තාවක සහ තවත් අයෙකු ද අත්අඩංගුවට ගැනුණා.

සොයා ගත් රන් භාණ්ඩවල වටිනාකම මෙතෙක් ගණන් බලා නැහැ.

හබරකඩ වසන්ත අත්අඩංගුවට ගැනීම සඳහා ද පරීක්ෂණ සිදුකෙරෙන බවයි කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර වැඩිදුරටත් කියා සිටියේ.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories