විදුලියේ පාඩුව 240%කින් ඉහලට

Sunday, 01 July 2018 - 7:31

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%A9%E0%B7%94%E0%B7%80+240%25%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%84%E0%B6%BD%E0%B6%A7
ගත වූ 2017 වසරේදී ලංකා විදුලිබල මණ්ඩලය ලැබූ පාඩුව 2016 වසරට සාපේක්ෂව සියයට 240 කින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව, 2017 වසරේදී විදුලිබල මණ්ඩලය රුපියල් මිලියන 49,231 ක පාඩුවක් ලබා ඇති බවයි මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වෙන්නේ.

2016 වසරේ එලෙස ලැබූ පාඩුව රුපියල් මිලියන 14,499 ක්.

2017 වසරේදී විදුලිබල මණ්ඩලය මගින් විදුලිය ගිගාවොට් පැය 13,249 ක් අලෙවි කළ අතර, එය 2016 ට සාපේක්ෂව ගිගාවොට් පැය 464 ක එනම් සියයට 3 ක වර්ධනයක්.

එහෙත්, මෙහෙයුම් වියදම් 2016 වසරේදී පැවති රුපියල් මිලියන දෙලක්ෂ 31,147ට සාපේක්ෂව රුපියල් මිලියන දෙලක්ෂ 72,962 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශවල අනපේක්ෂිත ලෙස පැවති වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ජල විදුලිබල උත්පාදනය පහත වැටීම මෙලෙස වියදම් ඉහළ යාමට හේතුවක් ලෙස දක්වා ඇති කරුණක්.

2016 වසරේදී විදුලිබල ජනනය සදහා රුපියල් බිලියන 152 ක් වැය වී ඇති අතර 2017 වසරේදී ඍජු උත්පාදන වියදම් රුපියල් බිලියන 184 යි දශම 6 දක්වා ඉහළ ගොස් ඇති බවයි මුදල් අමාත්‍යාංශ වාර්තා පෙන්වා දෙන්නේ.

ඒ අනුව සියයට 21ක අමතර වැයක් දැරීමට විදුලිබල මණ්ඩලය සිදුවී තිබෙනවා.

විදුලි බලය සදහා වන පිරිවැයට සාපේක්ෂව ගාස්තු සැකසීමේ මිල යන්ත්‍රණයක් නොමැතිවීම හේතුවෙන් විදුලිබල මණ්ඩලයට රාජ්‍ය බැංකු වෙතින් විශාල ණය ප්‍රමාණයක් ලබා ගැනීමට සිදුව ඇති බව විදුලිබල අමාත්‍යාංශය පෙන්වා දෙන තවත් කරුණක්.

2016 වසරේදී එලෙස රුපියල් මිලියන 6108 ක් ලබා ගැනීමට සිදුව ඇති අතර, 2017 වසරේදී එය රුපියල් මිලියන 8691 දක්වා ඉහළ ගොස් ඇති බව මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් පෙන්වා දෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories