මෙක්සිකෝවේ ජනපතිවරණයේ ජය ඇන්ඩ්‍රේස් මැනුවෙල්ට

Monday, 02 July 2018 - 13:11

%E0%B6%B8%E0%B7%99%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%92%E0%B6%9A%E0%B7%9D%E0%B7%80%E0%B7%9A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A2%E0%B6%BA+%E0%B6%87%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B7%90%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%A7
මෙක්සිකෝවේ ඊයේ පැවති ජනාධිපතිවරණයෙන් පැහැදිළි ජයක් වාර්තා කිරීමට වාමාංශික අපේක්ෂකයා වූ ඇන්ඩ්‍රේස් මැනුවෙල් ලෝපේස් සමත්වී තිබෙනවා.

මෙක්සිකෝ සිටි හි නගරාධිපතිවරයා ලෙස කටයුතු කළ ඔහු සියයට 53 ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගනිමින් දෙවන ස්ථානය හිමිකරගෙන ඇති අපේක්ෂකයාට වඩා දෙගුණයක ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

රට තුළ පවතින දූෂණය තුරන් කරන බවට ඔහු මෙවර මැතිවරණයේදී ජනතාවට පොරොන්දුවක් ලබාදී තිබුණා.

පාලක ආයතනික විප්ලවවාදී පක්ෂය, ඉදිරිපත් කළ අපේක්ෂකයා ජනාධිපතිවරණයේදී තුන්වන ස්ථානයට පත්ව ඇති අතර, පසුගිය සියවසෙහි බොහෝ කාලයක් මෙක්සිකානු දේශපාලන ආධිපත්‍යය පතුරුවනු ලැබුවේ මෙම විප්ලවවාදී පක්ෂය විසින්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories