දුම්රියේදී කළහ කළ සිසුන් 6 ක් රාගමදී අත්අඩංගුවට

Thursday, 05 July 2018 - 12:56

%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93++%E0%B6%9A%E0%B7%85%E0%B7%84+%E0%B6%9A%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+6+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
දුම්රිය තුළ කළහකාරී ලෙස හැසිරුණු සිසුන් 06 දෙනෙකු රාගම දුම්රිය ස්ථානයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රාගම පොලිසිය සඳහන් කළේ මොවුන් ඊයේ සහ පෙරේදා දිනවල කොළඹ - කොටුවේ සිට පුත්තලම, වේයන්ගොඩ සහ රාගම දක්වා ධාවනය වූ දුම්රියවල මෙලෙස කලහකාරී ලෙස හැසිරුණු බවට දුම්රිය ආරක්ෂක අංශ කළ දැනුම්වත් කිරීම්වලට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි.

ඔවුන් අවුරුදු 18 ත් 20 ත් අතර වයස්වල පසුවනවා.

අත්අඩංගුවට ගත් පාසල් සිසුන් අද දිනයේ මීගමුව මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීම සඳහා දුම්රිය ආරක්ෂක අංශයට භාරදී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories