මත්තල ඉන්දියාවට

Saturday, 07 July 2018 - 13:44

%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණු පසු මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල ඉන්දියාව සමඟ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස පවත්වාගෙන යන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ ප්‍රකාශ කළා.

මත්තල සම්බන්ධයෙන් ඉන්දියාව සමඟ ලබන මස 06 වනදා ගිවිසුමකට එළඹෙණ බවට පළවන වාර්තා සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදියි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

පසුගියදා ඉන්දීය ගුවන් සේවා අධිකාරියේ නියෝජිතයින් සමඟ මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් සිදුකළ බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවති විවාදය පිළිබඳව ඉන්දියාවේ හින්දු පුවත්පත විශාල ප්‍රසිද්ධියක් ලබාදී තිබුණා.

එහි ඒ පිළිබඳ වාර්තාවක් පළවී තිබුණේ ඉන්දියාව, ශ්‍රී ලංකාවේ පිහිටි ලොව ජනශූන්‍යතම ගුවන් තොටුපල මෙහෙයවීමට සැරසෙයි යන උද්ධෘත පාඨයෙන්.

මත්තල ගුවන් තොටුපල සඳහා හින්දු පුවත්පත ලබාදී තිබූ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 210 ක්.

ගුවන් තොටුපලේ මෙහෙයුම් සඳහා ජාත්‍යන්තර සමාගම්වලට ආරාධනා කළද එහිදී ආධාරයට පැමිනියේ ඉන්දියාව පමණක් බව ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා කළ ප්‍රකාශයට හින්දු පුවත්පත විශේෂ අවධානයක් යොමුකර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories