භාණ්ඩාගාරය දැඩි තීරණයක - තෙල් සංස්ථාව මුනිවත රකී

Saturday, 07 July 2018 - 19:14

%E0%B6%B7%E0%B7%8F%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A+-+%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80+%E0%B6%B8%E0%B7%94%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B6%AD+%E0%B6%BB%E0%B6%9A%E0%B7%93
ඉන්ධන මිල සම්බන්ධයෙන් ආණ්ඩුව අපහසුතාවයට පත්වන්නේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයාගේ ක්‍රියා කලාපය හේතුවෙන් බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා අද යළි අවධාරණය කළා.

අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් අප ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ධම්මික රණතුංගගෙන් විමසීමට අවස්ථා කිහිපයකදී උත්සාහ කළ ද එය සාර්ථක නොවුණේ ඔහු දුරකථනයට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන්.

පෙට්‍රල් හා ඩීසල් මිල පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට මුදල් අමාත්‍යාංශය කටයුතු කළේ පසුගිය මැයි මාසයේ හදුන්වාදුන් ඉන්ධන මිල සූත්‍රයට අනුවයි.

ඒ අනුව, ඉන්ධන මිල සංශෝධනය කිරීමට මුදල් අමාත්‍යාංශය කටයුතු කළ ද එම මිල ඉහළ දැමීම වැරදි බව සදහන් කරමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එම සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල් වෙත ඊයේ පෙරවරුවේ චක්‍රලේඛයක් ද නිකුත් කළා.

ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සදහන් කළේ ඉන්ධන මිල සංශෝධනය සදහා නිර්දේශ කිරීමට පමණක් මුදල් අමාත්‍යාංශයට හැකියාව ඇති අතර, ඉන්ධන මිල වෙනස් කරන්නේ ද යන අවසන් තීරණය ගැනීමට බලය ඇත්තේ තමන්ට බවයි.

කෙසේ වෙතත්, සංශෝධිත ඉන්ධන මිල අනුව ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන මිල වෙනස් නොකිරීම සම්බන්ධයෙන් මීළග අමාත්‍ය මණ්ඩලයේදී තීරණයක් ගන්නා බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

ඉන්ධන මිල සංශෝධනය කිරීම සදහා පත් කළ කමිටුවට ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ නියෝජිතයෙක්, මහා භාණ්ඩාර නියෝජ්‍ය ලේකම් සහ මහා භාණ්ඩාගාරයේ අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු ද අයත්.

ඉන්ධන මිල සංශෝධනයත් සමග ඛනිජ තෙල් සංස්ථාවට අයත් ඉන්ධනහල් අදත් පැරණි මිලටම අලෙවි කළ අතර, ලංකා අයි. ඕ.සී සමාගමට අයත් ඉන්ධන හල් අද නව මිලට ඉන්ධන අලෙවි කරනු ලැබුවා.

මේ සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා අද කොළඹදී අදහස් පළ කරමින් කියා සිටියේ කැබිනට් මණ්ඩලය ගත් තීරණයක් සංස්ථා සභාපතිවරයාට වෙනස් කළ නොහැකි බවයි.

රාජ්‍ය අමාත්‍යවරයාගේ චෝදනාවට පිළිතුරු ලබා ගැනීමේ අරමුණින් අප අවස්ථා ගණනකදී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ධම්මික රණතුංග ඇමතුවත් අපට ඊට ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ.

අනතුරුව ඉන්ධන මිල සම්බන්ධයෙන් උද්ගතව ඇති තත්ත්වය පිළිබදව විමසීමට අප විෂය භාර අමාත්‍ය අර්ජුන රණතුංග ද ඇමතුවා.

ඊට ප්‍රතිචාර දක්වමින් ඔහුගේ මාධ්‍ය ලේකම්වරයා ද ඊට නිසි පිළිතුරක් ලබාදුන්නේ නැහැ.

අනතුරුව, අමාත්‍යාංශ ලේකම් උපාලි මාරසිංහගෙන් පිළිතුරක් ලබා ගැනීමට උත්සාහ කළ ද එම උත්සාහය ද ව්‍යර්ථ වුණේ ඔහු දුරකථනයට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories