ලේ බැංකුවේ වෛද්‍යවරු අද වර්ජනයේ

Monday, 09 July 2018 - 7:06

%E0%B6%BD%E0%B7%9A+%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%94+%E0%B6%85%E0%B6%AF+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A
ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ වෛද්‍යවරුන් අද සිට වර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද කියා සිටියේ සුදුසුකම් නොමැති පුද්ගලයෙකු රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ වැඩබලන අධ්‍යක්ෂ ධූරයට පත් කිරීමට එරෙහිව මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ ශාඛා 107 ක් රට පුරා පවතින අතර, වර්ජනයේ පළමු ක්‍රියාමාර්ගය ලෙස රට පුරා ලේ දන්දීමේ කඳවුරුවල කටයුතු ඇණහිටිනු ඇතැයි ඔහු සඳහන් කළා.

ජාතික ලේ බැංකුව සතුව ඇති රුධිර සැසදීම් පරීක්ෂණ සඳහා අත්‍යවශ්‍යම වන කූම්බ්ස් රසායනිකය තවත් දින 4කින් පමණ අවසන්වීමට නියමිත බව ඊයේ අප වාර්තා කළා.

වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ අදාළ රසායනිකය කඩිනමින් මෙරටට ගෙන්වීමට කටයුතු නොකළහොත් පුද්ගලයින් අතර රුධිර පාරවිලයන ක්‍රියාවලිය අඩපණ වන බවයි.

මේ අතර, රජය විසින් තෝරා ගත් සේවා කිහිපයක දීමනා සහ වැටුප් වැඩි කිරීමට ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් ගණකාධිකාරීවරුන්, දේශීය ආදායම් කොමසාරිස්වරුන් සහ ආයුර්වේද වෛද්‍යවරුන් ඇතුළු වෘත්තීය සමිති කිහිපයක සාමාජිකයින් අද දිනයේ ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වනවා.  

එමෙන්ම ක්ෂේත්‍ර 19කට අයත් රජයේ විධායක නිළධාරීන් අනිද්දා එක්දින සංකේත වර්ජනයක සහ විරෝධතාවයක නිරතවීමට රජයේ විධායක නිළධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව තීරණය කර තිබෙනවා.

එහි ලේකම් එච්.ඒ.එල්. උදයසිරි කියා සිටියේ ජාතික වැටුප් ප්‍රතිපත්ති උල්ලංගණය කරමින් නීති ක්ෂේත්‍රයේ වැටුප් තල වැඩි කිරීමට විරෝධය පළ කරමින් ඉංජිනේරු, ක්‍රමසම්පාදන, ආයුර්වේද, මිනින්දෝරු, දේශීය ආදායම්, ගුරු - අධ්‍යාපන සේවා ඇතුළු විධායක ශ්‍රේණිවලට අයත් නිලධාරීන් මෙම වර්ජනයට එක්වන බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories