ගාල්ලේ සැඟවූ තැපැල් මළු ගැන පරීක්ෂණ ඇරඹේ

Thursday, 12 July 2018 - 7:42

%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%9F%E0%B7%80%E0%B7%96+%E0%B6%AD%E0%B7%90%E0%B6%B4%E0%B7%90%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%85%E0%B7%94+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
ගාල්ල ප්‍රධාන තැපැල් කාර්යාලයේ අධීක්ෂණ නිලධාරීන්ගේ කාමරයක තිබී ඊයේ සොයාගත් මාස කිහිපයක් පමණ පැරණි තැපැල් මලූ තොගය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව තැපැල් සහ තැපැල් සේවා අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් පවසනවා.

මාස ගණනක් පැරණි ලිපි දහස් ගණනක් අඩංගු මෙම තැපැල් මලූ ඊයේ සොයාගනු ලැබුවේ දකුණු පළාත් නියෝජ්‍ය තැපැල්පතිණිය සහ ගාල්ල ප්‍රාදේශීය තැපැල් අධිකාරීවරිය ගොස් සිදුකළ විමර්ශණයකට අනුවයි.

තැපැල් මලූ තිබූ කාමරයට වෙනත් බාහිර පුද්ගලයෙකුට ඇතුල්වීමට නොහැකි අතර, ඊට පැමිණිය හැක්කේ අධීක්ෂණ නිලධාරීවරුන්ට පමණයි.

ගාල්ල ප්‍රධාන තැපැල් කාර්යාලයේ කාමරයක් තුල තැපැල් මලූ තොගයක් පවතින බවට දකුණු පළාත් නියෝජ්‍ය තැපැල්පතිණියට මීට පෙර නිර්ණාමික පැමිණිලි කිහිපයක් ලැබී තිබුණා.

ඒ අනුව ඊයේ පෙරවරුවේ හදිසියේම ඇය සහ ගාල්ල ප්‍රාදේශීය තැපැල් අධිකාරිවරිය තවත් නිලධාරීන් කිහිපදෙනෙකු සමඟ මෙම කාමරය පරීක්ෂාවට ලක් කළා. එහිදී විදේශ රටවල සිටින පුද්ගලයින් විසින් මෙරට සිටින ඥාතින්ට එවන ලද ලිපි සහ පාර්සල් රැසක් විවෘත කර තිබියදී සොයාගෙන තිබුණා.

මීට අමතරව පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ගාල්ල දිස්ත්‍රික්කයේ ඇමතිවරුන් දෙදෙනෙකු ඡුන්දදායකයින් වෙත යැවීමට භාරදෙන ලද ලිපි විශාල සංඛ්‍යාවක්ද එහි තිබී හමුවී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර සඳහන් කළේ මේ පිලිබඳව කඩිනම් පරීක්ෂණයක් සිදුකර වැරදිකරුවන්ට දඩුවම් දීමට අමාත්‍යවරයා පියවර ගත යුතු බවයි.  



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories