විජයකලාගේ එල්.ටී.ටී.ඊ අදහස ගැන පුද්ගලයන් රැසකගෙන් ප්‍රකාශ ලබා ගැනීමේ සූදානමක්

Friday, 13 July 2018 - 7:56

%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%91%E0%B6%BD%E0%B7%8A.%E0%B6%A7%E0%B7%93.%E0%B6%A7%E0%B7%93.%E0%B6%8A+%E0%B6%85%E0%B6%AF%E0%B7%84%E0%B7%83+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ගොඩනැගීම සිය අරමුණ බවට හිටපු ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් එම ස්ථානයේ සිටි සියලූම දෙනාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය තීරණය කර තිබෙනවා.

එම ප්‍රකාශය පිළිබඳව පොලිස් මූලස්ථානයට ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගනිමින් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසට පොලිස්පතිවරයා මීට පෙර උපදෙස් ලබාදුන්නා. ඒ අනුවයි පරීක්ෂණ සඳහා ප්‍රකාශ සටහන් කර ගැනීමට එම කොට්ඨාශය තීරණය කර ඇත්තේ.

එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ගොඩනැගීම සිය අරමුණ බව හිටපු  ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් පසුගිය 02 වැනිදා යාපනයේදී ප්‍රකාශ කළා.

ඒ, ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන නිළ මෙහෙවර වැඩසටහනේ එක් අදියරකට එක්වෙමින්. එම අවස්ථාවට ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන ඇතුළු මැති ඇමතිවරුන් මෙන්ම උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්ද එක්ව සිටියා.

මේ අතර, එල්.ටී.ටී.ඊ. සංවිධානය සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් සිදුකළ ප්‍රකාශය පිළිබඳව හැකි ඉක්මණින් විමර්ශනයක් පවත්වන ලෙස නීතිපතිවරයා, පොලිස්පති පූජිත් ජයසුන්දරට උපදෙස් ලබාදී තිබුණා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී නීතිපති ජයන්ත ජයසූරිය ප්‍රකාශ කළේ කථානායකවරයා පසුගියදා තමන්ට කළ දැනුම්දීමකට අනුව මෙම පියවර ගත් බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories