සමන්තුරේ රිය අනතුරකින් යතුරුපැදිකරුවෙකු ජිවිතක්ෂයට

Friday, 13 July 2018 - 10:17

%E0%B7%83%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%A2%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
කල්මුණේ - අක්කරපත්තුව ප්‍රධාන මාර්ගයේ නින්දවූර් ප්‍රදේශයේදී සිදුවු රිය අනතුරකින් යතුරුපැදිකරුවෙක් ජිවිතක්ෂයට පත්වුණා.

කල්මුණේ සිට නින්දවූර් දෙසට ධාවනය වූ ලොරි රථයක ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරුපැදියක් ගැටී ඇති අතර, පසුව එම යතුරුපැදිය කල්මුණේ සිට අක්කරපත්තුව දෙසට ධාවනය වූ තවත් ලොරි රථයක ද ගැටී තිබෙනවා.  

සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු නින්දවූර් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්වුණා.

මෙලෙස මියගොස් ඇත්තේ 49 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙක්.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථ දෙකෙහි රියදුරන් දෙදෙනාම අත්අඩංගුවට ගනු ලැබූ බවයි පොලීසිය ප්‍රකාශ කළේ. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories