සාම්පූර් වෙරළේ කෝටි හයහමාරක හෙරොයින්

Friday, 13 July 2018 - 14:50

%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BB%E0%B7%85%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92+%E0%B7%84%E0%B6%BA%E0%B7%84%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B7%84%E0%B7%99%E0%B6%BB%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A
සාම්පූර් - ඉලක්කන්ද වෙරළ තීරයේ තිබී හෙරොයින් කිලෝ පහමාරක් අඩංගු පාර්සල් 21ක් පොලීසිය අද (13) සොයා ගත්තා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ මෙම හෙරොයින් තොගය රුපියල් මිලියන 66ක වටිනාකමින් යුක්ත බවයි.

කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් හෙරොයින් පාර්සල් වෙරළ තීරයේ දමා ගොස් ඇති බවටයි පොලීසිය සැක කරන්නේ.

මේ අතර, නිවිතිගල ප්‍රදේශයේ අද පැවැති උත්සවයකට එක්වෙමින් අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරාළ කියා සිටියේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරයේ යෙදෙන කිසිදු පුද්ගලයෙකුට ආණ්ඩුවෙන් කිසිම සමාවක් හිමි නොවන බවයි.

මත්ද්‍රව්‍ය ජාවාරම හේතුවෙන් මරණ දඩුවම ලබා සිරගතව සිටියදීත් එම ජාවාරම මෙහෙයවන සිරකරුවන්ට මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා අත්සන යෙදීමට තීරණය කිරීම සම්බන්ධයෙන් අදත් ස්ථාන කිහිපයකදී මෙලෙස අදහස් පලවුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories