ජනපති රෝමයට

Saturday, 14 July 2018 - 12:00

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B7%9D%E0%B6%B8%E0%B6%BA%E0%B6%A7
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් පවත්වනු ලබන හයවන ලෝක වනාන්තර සතිය සැමරුම් සමුළුවට හා ලෝක වන සංරක්ෂණ කමිටුවේ 24 වන සැසිවාරය සඳහා සහභාගීවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (14) දහවල් රෝමය බලා පිටත්ව ගොස් තිබෙනවා.

තිරසර සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනිම සඳහා වනාන්තරවල දායකත්වය ප්‍රවර්ධනය කිරීම මෙවර සමුළුවේ අරමුණයි.

ජනාධිපතිවරයා අනිද්දා (16) දා සමුළුව අමතා විශේෂ දේශනයක් ඉදිරිපත් කිරීමටද නියමිත අතර ඉන් අනතුරුව ජනාධිපතිවරයා විවෘත රාජ්‍ය හවුල්කාරිත්වයේ නායක හමුව සඳහා ද එක්වන බවයි ජනපති මාධ්‍ය අංශය සදහන් කළේ.

මේ අතර ,ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලබන ජූලි 17 වනදා සිට 19 වනදා දක්වා ජෝර්ජියාවේ සංචාරයකටද එක්වන බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කළා.

මේ අතර, දිවයිනෙන් පිටත්ව යාමට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන ආයුර්වේද එක්ස්පෝ - 2018 ජාත්‍යන්තර දේශීය වෛද්‍ය ප්‍රදර්ශනය නැරඹීමට ද එක්වුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories