සේරුනුවර, සීනන්වේලි වෙරළෙන් මිලියන 17ක හෙරොයින් සොයා ගැනේ

Sunday, 15 July 2018 - 19:12

%E0%B7%83%E0%B7%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB%2C+%E0%B7%83%E0%B7%93%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%9A%E0%B6%BD%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BB%E0%B7%85%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+17%E0%B6%9A+%E0%B7%84%E0%B7%99%E0%B6%BB%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A
ත්‍රිකුණාමලය - සේරු නුවර - සීනන්වේලි මුහුදු තීරයට ගොඩගසා තිබූ රුපියල් මිලියන 17කට ආසන්න හෙරොයින් කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් 416ක් සොයාගෙන තිබෙනවා.

ඒ, පොලීසියට ලද බුද්ධි තොරතුරකට අනුව සිදුකළ සොයා බැලීමකදියි.

මෙම හෙරොයින් මත්කුඩු තොගය පාර්සල් 5 ක බහා තිබූ බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

මුහුදු මාර්ගයෙන් හෙරොයින් ප්‍රවාහනය කළ යාත්‍රාවකින් මෙම හෙරොයින් තොගය විසිකර දමා යන්නට ඇති බවට මූලික පරීක්ෂණවලදී තොරතුරු හෙළිවී තිබෙනවා.

පසුගියදා සාම්පූර් - ඉලක්කන්ද වෙරළ තීරයේ තිබියදී හෙරොයින් කිලෝ පහමාරක් අඩංගු පාර්සල් 21ක් පොලීසිය සොයාගනු ලැබුවා.  

පොලිස් විමර්ශණ කණ්ඩායම් පවසන්නේ මෙලෙස සේරුනුවරින් සොයාගත් හෙරොයින් තොගයද සාම්පූර්වලින් හමුවූ හෙරොයින් තොගයේම කොටසක් විය හැකි බවයි.  





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories