ජනපති ජෝර්ජියාවට

Tuesday, 17 July 2018 - 9:28

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%A2%E0%B7%9D%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
විවෘත රාජ්‍ය හවුල්කාරීත්වයේ නායක හමුවට සහභාගිවීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය ඉතාලි සංචාරය නිමවා ජෝර්ජියාවේ තෙදින නිළ සංචාරයක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව අද අලුයම ජනාධිපතිවරයා ඇතුළු දුත පිරිස ජෝර්ජියාවේ ෂෝටා රුස්ටවේලි ටිබිලිසි ජාත්‍යන්තර ගුවන් තොටුපළට ළඟා වූ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

විවෘත රාජ්‍ය හවුල්කාරීත්වය 2011 වසරේදී ජාත්‍යන්තර මට්ටමින් විධිමත්ව ස්ථාපිත කෙරුණු අතර වර්තමාන රජය විසින් ගෙන එනු ලබන යහපාලන වැඩපිළිවෙල අගයමින් එකී හවුල්කාරීත්වය සමඟ එක්වන ලෙස 2015 වසරේ ශ්‍රී ලංකාවට ලැබුණු ආරාධනාවකට අනුවයි එහි සාමාජිකත්වය ශ්‍රී ලංකාව ලබා ගනු ලැබුවේ.

ලෝක රාජ්‍යයන් 75ක් මෙහි සාමාජිකත්වය ලබාගෙන ඇති අතර, සාමාජිකත්වය ලබා ගත් ප්‍රථම දකුණු ආසියානු රට වන්නේ ද ශ්‍රී ලංකාවයි.





 




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories