මුදල් අහිමිවූ ඊ.ටී.අයි. තැන්පතුකරුවන් මහ බැංකුවට

Tuesday, 17 July 2018 - 19:01

%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B7%80%E0%B7%96+%E0%B6%8A.%E0%B6%A7%E0%B7%93.%E0%B6%85%E0%B6%BA%E0%B7%92.+%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%94%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84+%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94%E0%B7%80%E0%B6%A7
සිය තැන්පතු මුදල් ETI  ෆයිනෑන්ස් ලිමිටඩ් මූල්‍ය ආයතනය මගින් ආපසු නොගෙවීම සම්බන්ධයෙන් එම ආයතනයේ තැන්පත්කරුවන් පිරිසක් අද ශ්‍රී ලංකා මහ බැංකුවට, මුදල් අමාත්‍යාංශයට සහ ජනාධිපති ලේකම් කාර්යාලයට සංදේශ භාර දුන්නා.

කෙසේ වෙතත් එම සංදේශ භාරදීමට ශ්‍රී ලංකා මහ බැංකුවට පැමිණි තැන්පත් කරුවන් පිරිසට පොලිසිය මාර්ග බාධක යොදා මඟ හරස් කිරීමත් සමඟ උණුසුම් තත්ත්වයක් හටගත්තා.

එදිරිසිංහ සමූහ ව්‍යාපාරයට අයත්ETI ෆයිනෑන්ස් ලිමිටඩ් මූල්‍ය ආයතනයේ රුපියල් බිලියන ගණනක මුදල් තැන්පත්කරුවන් අතරින් කොටසක් ශ්‍රී ලංකා මහ බැංකුවට අද දහවල් පැමිණෙන බව දැනගෙන තිබූ පොලිසිය පෙර සිටම මාර්ග බාධක යොදා තිබුණා.

කෙසේ වෙතත් කිසිදු උද්ඝෝෂණයක ස්වරූපයකින් අදාළ තැන්පත්කරුවන් එහි නොපැමිණි අතර සංදේශයක් භාරදීමට පැමිණි ETI තැන්පත්කරුවන්ව ඉවත් කිරිමට එහි සිටි උසස් පොලිස් නිලධාරියෙකු මෙලෙස කටයුතු කළා.

අනතුරුව පැමිණි පිරිසගෙන් සිව් දෙනෙකුට පමණක් ශ්‍රි ලංකා මහ බැංකුවට ඇතුළුවී සංදේශය භාර දී සාකච්ඡාවක් සිදුකිරීමට අවසර ලැබුණා.

සාකච්ඡාවෙන් පසු එයට සහභාගි වූ තැන්පත්කරුවන් මෙලෙස අදහස් දැක්වූවා.

අනතුරුව ETI  තැන්පත්කරුවන් පිරිස මුදල් අමාත්‍යාංශය වෙත ගොස් මුදල් අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයාට තවත් සංදේශයක් භාරදුන්නා.

ඉන්පසු තැන්පත්කරුවන් පිරිස සිය සංදේශය භාරදීම සඳහා පැමිණියේ ජනාධිපති ලේකම් කාර්යාලයටයි.

එම අවස්ථාවේදී කිසියම් පුද්ගලයෙකු තමන්ව ලුහුබඳින බවට පෙනීයෑමත් සමඟ උණුසුම් තත්ත්වයක් හටගත්තා.

ETI තැන්පත්කරුවන් කිහිප දෙනෙකු එහිදී ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් සුනන්ද කාරියප්පෙරුම මහතා හමු වී සාකච්ඡාවක් සිදුකර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories