ETI අධ්‍යක්ෂ මණ්ඩලයේ විදෙස් ගමන් තහනම දින නියමයක් නොමැතිව කල් යයි

Wednesday, 18 July 2018 - 11:14

ETI+%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
එදිරිසිංහ සමූහ ව්‍යාපාරයට අයත් ඊ.ටී.අයි. මූල්‍ය ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයට විදෙස් ගමන් තහනම් කරමින් නිකුත් කර තිබූ නියෝගය දින නියමයක් නොමැතිව දීර්ඝ කිරීමට කොළඹ කෙටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අද නියෝග කළා.

ඒ අනුව ඊ.ටී.අයි. මූල්‍ය ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය ලෙස කටයුතු කරන ජීවක එදිරිසිංහට, නාලක එදිරිසිංහට, දීපා එදිරිසිංහට සහ අසංක එදිරිසිංහට මෙම විදෙස් ගමන් තහනම ක්‍රියාත්මක වනු ඇති.  

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මොවුන් පළමු වරට විදෙස් ගමන් තහනමක් පනවනු ලැබුවේ පසුගිය 06 වනදායි.

එහිදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේ මොවුන් විදෙස් ගත වුවහොත් සිදුකරන පරීක්ෂණවලට බාධා එල්ල වීමේ අවදානමක් පවතින බවයි.

නඩුව අද කැදවූ අවස්ථාවේදී මහබැංකුව වෙනුවෙන් පෙනී සිටි නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ ඊ.ටී.අයි. මූල්‍ය ආයතනය ප්‍ර‍්‍රතිව්‍යූහගත කිරීමේ සැලැස්මක් ක්‍රියාත්මක වන බවට දැනුම් දී ඇති බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories