විජයකලාගේ ප්‍රකාශය ගැන සටහන් නීතිපතිට

Wednesday, 18 July 2018 - 13:13

%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B6%A7%E0%B7%84%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7
එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ගොඩනැගිය යුතු බවට හිටපු ළමා කටයුතු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ලබා ගත් ප්‍රකාශ නීතිපතිවරයා වෙත යොමු කරන බව සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය පවසනවා.

එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ මේ වනවිටත් හිටපු රාජ්‍ය ඇමතිවරියගේ මෙම අදහස් දැක්වීම සම්බන්ධයෙන් ප්‍රකාශ 25 ක් ලබා ගෙන ඇති බවයි.

ඒ අතර ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්, මුලතිව් සහ වව්නියා දිස්ත්‍රික් ලේකම්වරුන් සහ සමෘද්ධි නියාමකවරුන් මෙන්ම, ග්‍රාම නිලධාරින්් ද සිටිනවා.

එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ගොඩනැගිය යුතු බවට ප්‍රකාශ කළ හිටපු ළමා කටයුතු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන්ගෙන් අද හෝ හෙට ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිතයි.

සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ හිටපු ඇමතිණි විජයකලා මහේෂ්වරන්ගෙන් ප්‍රකාශයක් ලබාගත යුතු බවට කතානායකවරයා වෙත ලිඛිත දැනුම්වත් කිරිමට සූදානම් බවයි.

මීට අමතරව, ඉලංගෙයි තමිල් අරුසු පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජාගෙන් ද ඊට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීමට නියමිතව තිබෙනවා.

ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන නිල මෙහෙවර වැඩසටහනේ යාපනයේ පැවති උත්සවයේදී හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන්  මෙම ප්‍රකාශය සිදුකර තිබුණේ පසුගිය 2 වනදායි.

එම අවස්ථාවට අමාත්‍යවරුන් වන තිලක් මාරපන, වජිර අබේවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා, උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මෙන්ම, රජයේ නිලධාරින් රැසක් එක්ව සිටියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories