ඇඹිලිපිටියේ විදුලි බලාගාරයට මිලියන 850 ක ගෙවීමක්

Friday, 20 July 2018 - 8:04

%E0%B6%87%E0%B6%B9%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+850+%E0%B6%9A+%E0%B6%9C%E0%B7%99%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ඇඹිලිපිටිය පෞද්ගලික විදුලි බලාගාරයෙන් ලබාගත් විදුලිය වෙනුවෙන් එම ආයතනයට ගෙවිය යුතුව තිබූ රුපියල් මිලියන 850 ක ගෙවීම සිදුකර ඇති බැවින් යළි විදුලිය ලබාගැනීම ආරම්භ කර ඇති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

ඇඹිලිපිටිය - එස් විදුලි බලාගාරයෙන් ලබාගත් විදුලිය සඳහා හිඟ මුදල් තිබීම හේතුවෙන් විදුලිය ලබාදීම ප්‍රතික්ෂේප කර තිබුණා.

කෙසේ වෙතත්, එම ගෙවීම් සිදුකළ බැවින් යළි විදුලිය ලබාගැනීම සිදුවන බවයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන සඳහන් කළේ.

 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories