කොටි හිතවාදී මැලේසියානු දේශපාලනඥයින් ගැන පරීක්ෂණ

Friday, 20 July 2018 - 13:21

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%92+%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B7%90%E0%B6%BD%E0%B7%9A%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%A5%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB
මෙරට පැවති යුද සමයේදී එල්.ටී.ටී.ඊ සංවිධානය වෙනුවෙන් ගණුදෙනු කළ මැලේසියානු දේශාපලනඥයෙකු පිළිබඳව එරට පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ඒ ඔහුගේ එල්.ටී.ටී.ඊ සම්බන්ධතාවයන් පිළිබඳ පැමිණිලි රැසක් ලැබීමෙන් අනතුරුවයි.

මැලේසියාවේ පෙනැන් ප්‍රාන්තයේ නියෝජ්‍ය මහඇමති පී.රාමසාමි වෙත මෙලෙස චෝදනා එල්ල වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කළා.

ක්වාලාලම්පූර් නුවර ඊයේ පැවති මාධ්‍ය හමුවකදී මැලේසියානු පොලිස්පති මොහොමඩ් ෆවුසි හරූන් ප්‍රකාශ කලේ රාමසාමිට එරෙහිව පැමිණිලි 53 ක් විවිධ පුද්ගලයන් ගොනුකර ඇති බවයි.

මැලේසියානු නිව් ස්ට්‍රේට් ටයිම්ස් පුවත්පත ප්‍රකාශ කරන පරිදි 69 හැවිරිදි නියෝජ්‍ය මහඇමතිවරයාගෙන් මැලේසියානු පොලීසිය මේ සතිය මුලදී ප්‍රකාශයක් ද සටහන් කරගෙන තිබෙනවා.

කෙසේ නමුත්, තමා එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු නොවන බවත්, මැලේසියානු පුරවැසියෙකු බවත්, පී.රාමසාමි මාධ්‍ය වෙත ප්‍රකාශ කළා.

ඉන්දුනීසියානු - අචේ ප්‍රාන්තයේ වාර්ගික ගැටලූවට මැදිහත් වී ඇති රාමසාමි, 2006 වසරේ සිට එල්.ටී.ටී.ඊ සංවිධානය සමඟ සම්බන්ධතා පවත්වා ඇති බව සඳහන්.

නෝර්වේ රාජ්‍යය ශ්‍රී ලංකාවේ වාර්ගික අර්බුදය විසඳිම සඳහා මැදිහත් වූ අවස්ථාවේ තමා ද එල්.ටී.ටී.ඊ සංවිධානය සමඟ සම්බන්ධතාවට පිවිසි බව ඔහු පිළිගෙන තිබෙනවා.

රාමසාමි පිළිබඳ මෑතකදී යළි අවධානය යොමුවී ඇත්තේ එල්.ටී.ටී.ඊ සංවිධානයේ සලකුණ ලෙස සැලකෙන කලෂ්නිකොෆ් ගිනි අවියට ප්‍රණාමය පුද කරන ඡායාරූපයක් සංසරණය වීමත් සමඟයි.

එමෙන්ම, මෑතකදී ඔහු තමිල්නාඩුවේ එල්.ටී.ටී.ඊ හිතවාදී දේශපාලනඥයෙකු වන වයිකෝගේ මැලේසියානු සංචාරයට සත්කාරකත්වය දක්වා ඇති බව ද හෙළි වී ඇති කරුණක්.

 ඔහු මැලේසියාවට පැමිණ ඇත්තේ රාමසාමිගේ පුත්‍රයාගේ විවාහ මංගල්‍යයට සහභාගි වීම සඳහායි.

කෙසේ නමුත්, පසුගිය වසරේ ජුනි 9 වනදා ක්වාලලාම්පූර් ගුවන්තොටුපලේදී වයිකෝ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහු මැලේසියාවට පැමිණීම තහනම් කර ඇත පුද්ගලයින් ලැයිස්තුවට ඇතුළත් වීම හේතුවෙන්.

 

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories