මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ජනපති දැඩි තීරණයක

Saturday, 21 July 2018 - 11:30

%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AF%E0%B6%AC%E0%B7%94%E0%B7%80%E0%B6%B8+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A
කුමන විරෝධතා එල්ල වුවත්, මත්ද්‍රව්‍ය ජාවාරම හේතුවෙන් අධිකරණයෙන් මරණීය දණ්ඩනය නියම වී දඬුවම් ලබමින් සිටියදීත්, එම ජාවාරමට සම්බන්ධ වන සිරකරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට සූදානම් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යළි අවධාරණය කළා.

ඒ, චීන - ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්කවේද රෝහලේ ඉදිකිරීම් පොළොන්නරුවේදී අද (21) ආරම්භ කිරීමේ උත්සවයට එක්වෙමින්.

ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේ කුමන විරෝධතා මතුවුව ද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දණ්ඩනය ලබාදීමේ කටයුතු ඉදිරියටම ක්‍රියාත්මක කරන බවයි.

නීති, බන්ධනාගාර, අධිකරණය යන අදාළ ක්ෂේත්‍රවල ප්‍රධානීන්ගේ සාකච්ඡාවක් ලබන අගහරුවාදා කැඳවා ඇතැයි ද ජනාධිපතිවරයා සඳහන් කලා.

එහිදී එම සියලු ක්ෂේත්‍ර නියෝජනය වන පරිදි කමිටුවක් පතර කර මරණ දඩුවම ලබාදිය යුතු පුද්ගලයන්ගේ නම් සහ එම දින වකවානු අදාළ කමිටුව විසින් තීරණය කරනු ඇතැයි ද මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළා.

සමාජය පරිහානියට ලක්වන තත්වයක් තුල  නීති ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කිරීම සහ වැළැක්වීම කිසිසේත් සුදුසු නොවන බව ද ඔහු පෙන්වා දුන්නා.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දණ්ඩනය ලබාදීම පිළිබඳ විරෝධතා ඉදිරිපත් කරන කිසිවෙකු මත්ද්‍රව්‍ය ව්‍යසනය වළක්වා ගැනීමට කිසිදු සහයෝගයක් ලබා නොදීම කණගාටුවට කරුණක් බවයි ජනාධිපතිවරයා කියාසිටියේ.

මත්ද්‍රව්‍යවලින් රටට සිදුවන විනාශය වළක්වා ගැනීමට තමා සමග එක්වන ලෙසට සියලුදෙනාට ආරාධනා කරන බව ද මෛත‍්‍ත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කලා.

එමෙන්ම වර්තමානයේ රට තුළ ජාතික ආරක්ෂාව පිළිබඳ කිසිදු ගැටලුවක් නොමැති බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියාසිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories