නව මහාධිකරණ වල පමාවක් නැහැ - අංක එක අධිකරණය ලබන සතියේ

Sunday, 22 July 2018 - 19:05

%E0%B6%B1%E0%B7%80+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B7%80%E0%B6%BD+%E0%B6%B4%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B6%85%E0%B6%82%E0%B6%9A+%E0%B6%91%E0%B6%9A+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A
දූෂණ විරෝධී මහාධිකරණයේ අංක එක අධිකරණය පිහිටුවීම සඳහා මේ වන විට සියළු කටයුතු සූදානම් කර තිබෙනවා.

ඊට අදාළ ගොඩනැගිල්ල සහ විනිසුරුවරුන් පත් කිරීම අවසන් වී ඇති බැවින් එළඹෙන සතියේදී එහි කටයුතු ආරම්භ කළ හැකි බවයි දූෂණ විරෝධී නීතිමය කටයුතු පිළිබද පාර්ලිමේන්තු අධීක්ෂණ කමිටුවේ සාමාජික, රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

දූෂණ සහ මූල්‍ය අපරාධ නඩු විභාග කිරීම සඳහා පිහිටුවනු ලබන විශේෂ මහාධිකරණය ක්‍රියාත්මක වීමට තවත් මාසයක් පමණ ගත විය හැකි බවට මාධ්‍ය වාර්තා පළ වී තිබුණා.

ඊට හේතු ලෙස එමගින් දක්වා තිබුණේ විශේෂ මහාධිකරණය සඳහා රෙජිස්ට්‍රාර්වරයෙකු පත් කිරීම මෙතෙක් සිදුකර නොමැති වීම සහ ස්ථාපිත කිරීමට නියමිත අධිකරණ තුනෙන් එක් අධිකරණයක් පමණක් මේ වන විට ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර තිබීමයි.

කෙසේ වෙතත්, දූෂණ විරෝධී මහාධිකරණ අංක එක අධිකරණය පිහිටුවීම සඳහා සියළු කටයුතු සූදානම් බවයි රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා කියා සිටියේ.

අල්ලස්, සාපරාධී විශ්වාසය කඩ කිරීම, මූල්‍ය අපහරණය, මූල්‍ය විශුද්ධිකරණය, ත්‍රස්තවාදී කටයුතු සඳහා මුදල් යෙදවීම, සංවිධානාත්මක අපරාධ සහ මහජන දේපළ අවභාවිතයට අදාළ පැමිණිලි විභාග කිරීම සඳහායි මෙම විශේෂ මහාධිකරණ පිහිටුවීමට පියවර ගෙන ඇත්තේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories