අයි.කේ. මහානාම සහ දිසානායක යළි රක්ෂිත බන්ධනාගාරයට

Tuesday, 24 July 2018 - 10:37

%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%9A%E0%B7%9A.+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8+%E0%B7%83%E0%B7%84+%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7
රුපියල් කෝටි දෙකක අල්ලසක් ලබා ගැනීමේදී අත්අඩංගුවට ගත් ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය අයි.කේ. මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පී.දිසානායක ලබන මස 07 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, සැකකරුවන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

විත්තිකරුවන්ට ඇප ලබාදීමට සුවිශේෂි කරුණක් නොමැති බැවින් අද (24) දෙවන වරටත් අධිකරණයෙන් කළ ඇප ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එහිදී ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

කන්තලේ සීනි සමාගමට අයත් කොටස් ඉන්දියන් සමාගමකට ලබාදීම වෙනුවෙන් එම සමාගමෙන් රුපියල් කෝටි 54ක අල්ලස් මුදලක් ඉල්ලා ඉන් කොටසක් ලබා ගැනීමේදී අල්ලස් කොමිසම කොළඹ පිහිටි හෝටලයක රථ ගාල තුලදී මොවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය මැයි මස 03 වනදායි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories