පාන් මිලත් රුපියල් 10කින් ඉහළ යන ලකුණු

Saturday, 28 July 2018 - 12:57

%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A+10%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%BA%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94
පාන් සඳහා දැනට අයකරනු ලබන සියයට 2 ක ජාතිය ගොඩනැගීමේ බද්ද සහ බේකරි නිෂ්පාදන සඳහා අය කරන බදු ඉවත් නොකරන්නේ නම් පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් වැඩි කිරීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය අනතුරු අඟවනවා.

එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ බේකරි නිෂ්පාදන සඳහා යොදාගන්නා අමුද්‍රව්‍ය මිල විශාල ලෙස ඉහළ යාම, අමුද්‍රව්‍ය සඳහා අධික ලෙස බදු අයකිරීම සහ බේකරි කර්මාන්තයට රජයෙන් කිසිදු සහනයක් නොලැබීම නිසා මෙම කර්මාන්තය පවත්වාගෙන යෑමට අපහසුතා පැන නැගී ඇති බවයි.

මේ සම්බන්ධයෙන් රජයේ විවිධ පාර්ශව දැනුම්වත් කර ඇතත් මේ වනතෙක් කිසිදු සහනයක් ලබාදී නොමැති බවද ඔහු කියා සිටියා.

මේ වනවිට ආනයනික අමුද්‍රව්‍ය සඳහා සියයට 200 ක බදුඅයකරන අතර මාගරින් කිලෝවක් සඳහා රුපියල් 215 ක්ද, ෆාම්තෙල් සඳහා රුපියල් 12 ක්ද, බටර් සඳහා රුපියල් 600 ක් ද අය කෙරෙන බවයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන වැඩිදුරටත් සඳහන් කළේ.

පාන් හැර අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ගණන් පසුගිය 15 වන දා මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 5කින් ඉහළ නැංවීමට ද සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පියවර ගත්තා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories