රන්ජන් උසාවි සෝපානයේ පිස්සු කෙළියි

Tuesday, 31 July 2018 - 10:32

%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B7%83%E0%B7%8F%E0%B7%80%E0%B7%92+%E0%B7%83%E0%B7%9D%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%94+%E0%B6%9A%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B7%92
තමාට එරෙහිව තීන්දුව දීමට නියමිතව ඇති, අධිකරණයට අපහාස කිරීමේ නඩුව සඳහා ඊයේ (30) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටීමට පැමිණි නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක උපරිමාධිකරණ සංකීර්ණයේ විදුලි සෝපානය තුළදී නොසන්සුන්කාරී ලෙස හැසිරීම නිසා මහත් කලබැගෑනියක් ඇති වී තිබෙනවා.

ඒ මොහොතේ, සෝපානය තුළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය ශාලා අංක 403ට හා 502ට පිවිසීම සඳහා ගමන් කරමින් සිටි නීතිඥවරියන් දෙදෙනකු මෙම නොසන්සුන්කාරී හැසිරීම හේතුවෙන් බියට පත්ව සෝපානයේ බොත්තම ක්‍රියා කරවා ඊළඟ මහලෙන් බැසගොස් ඇති අතර මේ සිදුවීම සම්බන්ධයෙන් උපරිමාධිකරණයේ ආරක්‍ෂක කටයුතු භාර මාර්ෂල් නිලධාරිවරයාට පැමිණිලි කරන බව එම සෝපානය මෙහෙයවමින් සිටි අධිකරණ සේවකයා දැනුම්දී ඇති බවයි වාර්තාවන්නේ.

තමන් සමඟ පැමිණි තවත් කිහිපදෙනකු සමඟ සෝපානයට ඇතුළුවී අධිකරණ ශාලාව වෙත පිවිසීමට 05 වැනි මහල වෙත ගමන් කරන අවස්ථාවේදී රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමතිවරයා තම වැලමිටෙන් සෝපානයේ ලෝහ තහඩු සහිත බිත්තිවලට වේගයෙන් පහර දෙමින් නොසන්සුන්කාරී ලෙස හැසිරී ඇති බවද නඩුව කැඳවීමෙන් අනතුරුව ආපසු 02 වැනි මහල වෙත එද්දී ඊටත් වඩා වේගයෙන් සෝපානයේ බිත්තිවලට දැඩි ලෙස පහර දෙමින් කෑකෝ ගසමින් පැමිණි ඔහු ඉන් පිටතට පැමිණ සෝපානය මෙහෙය වන ලද සේවක මහතාගෙන් "කොහොමද දැන් සනීපද" හුඟක් සතුටුද" ආදී වශයෙන් විමසමින් පිටව ගොස් ඇති බවද පැවසෙනවා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories