ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

Tuesday, 07 August 2018 - 15:50

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B0%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B6%BA+%E0%B6%BA%E0%B6%AE%E0%B7%8F+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%A7
පොල්ගහවෙල - පනලිය දුම්රිය අනතුරෙන් පසු අවහිරව පැවති ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු අද පස්වරුවේ යථා තත්ත්වයට පත් කෙරුණා.

 ඒ අනුව දුම්රිය ධාවන කටයුතු මේ වනවිට සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.  

එසේම මෙම අනතුර සම්බන්ධයෙන් රඹුක්කන බලා ධාවනය වූ දුම්රියේ රියදුරු, රියදුරු සහායක, නියාමක සහ උප නියාමක යන හතරදෙනාගේ වැඩ තහනම් කෙරුණා.

විධිමත් පරීක්ෂණයක් සිදුකර එහි ප්‍රතිඵලය ලැබෙන තුරු තාවකාලිකව මෙලෙස ඔවුන්ගේ වැඩ තහනම් කළ බවයි දුම්රිය අතිරේක සාමාන්‍යාධිකාරී විජය සමරසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.   

ඊයේ සිදුවූ මෙම අනතුරෙන් පුද්ගලයින් 32කට තුවාල ලැබූ අතර, ඉන් පුද්ගලයින් 14 දෙනෙකු තවදුරටත් කුරුණෑගල ශික්ෂණ රෝහලේ සහ කෑගල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories