ETI තැන්පත්කරුවන් කොළඹදී විරෝධයේ

Wednesday, 08 August 2018 - 12:12

ETI+%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA%E0%B7%9A
ඊ.ටී.අයී. තැන්පතුකරුවන් සුරැකීමේ ස්වාධීන සංවිධානය අද කොළඹ විරෝධතාවයක නිරත වුණා.

ඒ, එහි පාලනාධිකාරිය විසින් දිගින් දිගටම තම තැන්පතු ලබා නොදිමට විරෝධය පළකරමින්.

ඔවුන් කොළඹ හයිඩ් පිටියට රැස්වීමෙන් අනතුරුවයි විරෝධතාව ආරම්භ කළේ.

පසුව ඊ.ටී.අයී. තැන්පත්කරුවන් හයිඩ් පිටියේ සිට පාගමනින් මහ බැංකුව දක්වා පැමිණියා. එහිදී, මාර්ග තදබදයක් ඇති වන බව පවසමින් පොලිසිය එය වැළැක්වීමට උත්සහ කිරිමත් සමඟ ඇති වුයේ උණුසුම් තත්ත්වයක්.

කෙසේ වෙතත්, ඊ.ටී.අයී. තැන්පත්කරුවන් යළි විරෝධතා පා ගමන ආරම්භ කළ අතර, පසුව ගාලූමුවදොර මාර්ගයද පොලීසිය ලෝටස් වටරවුමෙන් වසා දැමුවා. ඊ.ටී.අයි. තැන්පත්කරුවන් 5 දෙනෙකුට මහබැංකුවේ බැංකු නොවන මුල්‍ය ඒකකයේ අධ්‍යක්ෂවරයා සහ තවත් නිළධාරියෙකු හමුවී සංදේශයක් භාරදීම අවස්ථාව සැළසුණා.

මෙහිදී තැන්පතුකරුවන් ඊ.ටී.අයී. මුල්‍ය ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල නියෝජිතයන්ට විරෝධය පළ කරමින් පොල්ගසා දේව කන්නලව්වක් ද සිදු කළා.

update - 2018-08-08 ,1.00 am
............................................................

ඊ.ටී.අයි. තැන්පත්කරුවන් මහබැංකුවට

ඊ.ටී.අයි. තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංවිධානය අද දහවල් මහබැංකුවට සංදේශයක් භාරදීමට සැලසුම් කර තිබෙනවා.

ඔවුන් අද පෙරවරුවේ කොළඹ - හයිඞ්පිටියට රැස්වුණේ නව සංවිධානයට සාමාජිකයින් බදවා ගැනීමේ අරමුණින්.

කෙසේ වෙතත්, එහිදී උණුසුම් තත්ත්වයක් හට ගැනුණේ ඔවුන්ට පාගමනින් පැමිණිමට පොලීසිය බාධා කිරීමත් සමගයි.

කෙසේ වෙතත්, පසුව ඔවුන් මහබැංකුව වෙත පාගමනින් පැමිණි අතර, නියෝජිතයින් 5 දෙනෙකු මහබැංකුව වෙත ඇතුළු වීමට අවසර හිමිවුණා.

මෙහිදී පිරිසක් පොල් ගසා විරෝධතාවක ද නිරත වූ බවයි අප වාර්තාකරු කියා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories